Search

නව ජනපතිට විදෙස් රටවල් රැසකින් සුබපැතුම්

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපති ලෙසට තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර රටවල් රැසක නායකයින් සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් එක්කර ඇත්තේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර පවතින සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා, නව ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

ඊයේ (22) රාත්‍රී මෙම හමුව සිදුවු අතර එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් නව ජනාධිපතිවරයා වෙත සුභාශිංෂන පිරිනනැමූ බව එම කාර්යාලය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ශිෂ්ඨාචාරයේ නිවුන් සහෝදරයා වශයෙන් දෙරටේ ජනතාවගේ සෞභාග්‍ය උදෙසා පවතින සබඳතා තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව එම හමුවේ දී මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර මෙරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතාට අමෙරිකා එක්සත් ජනපදය සිය සුභාශිංසන පිරිනමා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර ඇති ශක්තිමත් හවුල්කාරීත්වය අගය කරන බවයි.

පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් එක්ව වැඩකිරීමට සුදානම් බව ද ජුලී චන්ග් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිඩේකි ද නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබපැතුම් එක්කර ඇති බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපතිවරයා පවසන්නේ තමන් ඇතුලු ජපාන රජය දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිෂු සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් ද අනුර කුමාර දිසානායකට සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධන වේගය පහතට

ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් වන විට වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5% දක්වා පහත වැටි ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය අද නිවේදනය කර තිබෙනවා.

Read More »