ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වීමෙන් පසු මේ දක්වා බරපතල සිදුවීමක් වාර්තා නොවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.
සුළු සිදුවීම් 35ක් පමණක් අද (21) දිනයේ වාර්තාවී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
සමස්තයක් ලෙස දිවයින පුරා සාමකාමී වාතාවරණයක් පවතින බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කියාසිටියේ.
මේ අතර අද (21) දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 45 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය – 45%, ගාල්ල – 42%, මාතර – 35%, කුරුණෑගල – 50%, පුත්තලම – 42%, අනුරාධපුර – 50%, පොළොන්නරුව – 44%, සහ මොනරාගල – 32%ක් වශයෙන් වාර්තා වන බවයි මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කළේ.
ගම්පහ – 52%, යාපනය – 35%, මුලතිව් – 46%, වවුනියාව – 51%, මන්නාරම – 40%, බදුල්ල – 40%, රත්නපුර – 58%, කෑගල්ල – 49%, මඩකලපුව – 23% සහ ත්‍රිකුණාමලය – 51%ක් වශයෙන් ඡන්ද ප්‍රකාශ කිරීම සටහන් වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ කෙරුණා.
පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වෙන බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
මෙවර ඡන්ද ප්‍රකාශය සඳහා ඡන්ද දායකයන් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂයකට වැඩි පිරිසක් (171,40,354) සුදුසුකම් ලබා ඇති බව සඳහන්.