ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව බොහෝ පිරිසක් ඉතා උනන්දුවෙන් ඡන්ද ප්‍රකාශය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බවට වාර්තා වනවා.
අද උදෑසන 10 වන විට වැඩිම ප්‍රතිශතයකින් ඡන්ද ප්‍රකාශ කිරීම වාර්තා වී තිබුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සියයට 38ක්.
කළුතර දිස්ත්‍රික්කයේ සියයට 32ක්, නුවරඑළියේ දිස්ත්‍රික්කයේ සියයට 30ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ සියයට25ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 30ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ සියයට 20ක් ,කෑගල්ල දිස්ත්‍රික්කයේ සියයට 15ක්,අම්පාර දිස්ත්‍රික්කයේ සියයට 30ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ සියයට 29ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 25ක් ලෙස එම ප්‍රතිශතයන් දැක්වෙනවා.
බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ කොළඹ දිස්ත්‍රික්කයේ අද උදෑසන 10 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 20ක් ලෙසටයි සඳහන් වන්නේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශය අද උදෑසන 10 වනවිට සියයට 18ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ සියයට 23ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියයට 30ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියයට 30.4ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ සියයට 18ක් සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් සියයට 30ක් ලෙස ඡන්ද ප්‍රකාශයන් වාර්තා වී තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පවසනවා.
මැතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදා භට පිරිස් ලබාදීමට ද පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මැතිවරණයෙන් පසු කුමන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවුවහොත් ඒවා පාලනය කිරීමට රජය ත්‍රිවිධ හමුදා වට පිරිස්වලට දැනටමත් උපදෙස් ලබා දී තිබෙනවා.