ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහන වර්ධනය වාර්තා වන ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව බවට නව සංඛ්‍යාලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.
විදේශ සංක්‍රමණ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 27 ඉක්මවා ගොස් ඇති අතර එම සංක්‍රමණිකයන් වැඩි වශයෙන් ඇදී එන ප්‍රාන්තය ලෙසටයි බටහිර ඕස්ට්‍රේලියාව හඳුනාගෙන ඇත්තේ.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද නව දත්තවලට අනුව මෙරට ජනගහනය නිල වශයෙන් මිලියන 27.1ක් දක්වා ළඟා වී ඇති අතර එය මාර්තු දක්වා ගත වූ වසරක් තුළ සියයට 2.3 ක වැඩිවීමක් වනවා.
එමෙන්ම එම සංඛ්‍යාව පෙර වසරට වඩා පුද්ගලයින් 615,300 ක පමණ වැඩිවීමක් බව ද සඳහන්.
ජනගහන වර්ධනයෙන් සියයට 83ක් විදේශ සංක්‍රමණය වන අතර අනෙක් සියයට 17 උපත් සහ මරණ බවයි සංඛ්‍යාලේඛන කාර්යාංශය කියාසිටියේ.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ජනගහනය මිලියන 8.5ක් වූ අතර, වික්ටෝරියා ප්‍රාන්තයේ මිලියන 7ට අඩු සංඛ්‍යාවක් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මිලියන 5.5ක සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
නව වාර්තා අනුව සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශවල ජනගහණ වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර ඉන් බටහිර ඔස්ට්‍රේලියාවේ සියයට 3.1ක වේගවත් වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තය දෙවනුවට වේගයෙන්ම ජනගහණ වර්ධනය වන ප්‍රාන්තය වන අතර එහි සියයට 2.7 ක වැඩිවීමක් පවතිනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විශ්වාසය පළ කරන්නේ 2027 වසර වන විට මෙරට ජනගහනය මිලියන 28ක් පමණ වනු ඇති අතර 2030 වසර වන විට මිලියන 30 දක්වා ළඟා වනු ඇති බවටයි.