ඩොලර් බිලියන 3.8ක වියදමින් පර්ත් හි සුඛෝපභෝගී නිවාස යෝජනා ක්‍රමයක ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා.
නිවාස අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට පර්ත් නැගෙනහිර ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සහ මහල් නිවාස 270ක ඉදිකිරීම් මෙලෙස ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
බර්ස්වුඩ් පොයින්ට් (Burswood Point) ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් කුලී නිවාස හිමියන් සඳහා සහන සැලසීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව ප්‍රාන්ත රජය ප්‍රකාශ කර තිබෙනවා.
මෙම නිවාස ව්‍යාපෘතියේ එක් නිදන කාමරයක් සහිත නිවාස ඒකකයක් ඩොලර් 755,000ක් වැනි මිලක සිට ආරම්භ වන අතර කාමර දෙකක් සහිත නිවාස මිල ඩොලර් මිලියන 1 ඉක්මවා තිබෙනවා.
මෙමගින් ඉහළ තත්වයේ මහල් නිවාස 203 ක් සහ සුඛෝපභෝගී නිවාස 67 ක් ඉදි කරන අතර ඩොලර් බිලියන 3.8 ක වියදමින් ගොඩනැගිලි ඉදි කෙරෙන භූමිය වසර 10කට පමණ පෙර අත්පත් කර ගත් ප්‍රදේශයක් බව සඳහන්.
ඉදිකිරීම් ලබන 2025 වසරේ ආරම්භ කිරීමට නියමිත අතර 2026 වසර අවසානය වන විට නිවාස හිමියන්ට එහි පදිංචියට යාමට හැකි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
සමස්ත නිවාස සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිරි වසර දහය තුළ නිවාස 4500ක්, වර්ග මීටර් 90,000කින් යුත් කාර්යාල ගොඩනැගිලි සහ වෙළෙඳ සංකීර්ණ ඉදි කිරීමට ද නියමිතයි.