Search

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථයේ හිමිකරු ඊයේ රාත්‍රී 10ට පමණ චෙල්ටන්හැම් හි (Cheltenham) සාප්පු සංකීර්ණ රථගාලක සිටියදී තුන් දෙනෙකු පැමිණ තර්ජනය කර මෝටර් රථය පැහැරගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව සැකකරුවන් මෝටර් රථයෙන් පලා යමින් සිටියදී අතර මගදී තවත් තරුණයන් දෙදෙනෙකු ඊට නැග ඇති බව ද වාර්තා වී තිබෙනවා.

පසුව මෙම මෝටර් රථය Dandenong හි Hammond Road සහ Cheltenham Road යන මංසන්ධියේ දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව 14 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනෙකු ප්‍රදේශයේ දුම්රිය ස්ථානයක ආරක්ෂක සේවා නිලධාරියෙකු වෙත ඉදිරිපත් වී ඇති අතර එහිදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

14 හැවිරිදි සහ 16 හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනෙකු අලුයම 3ට පමණ ඩැන්ඩෙනොං හි ලොන්ස්ඩේල් මාර්ගයේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම සැකකාර බාල වයස්කරුවන්ට ප්‍රචණ්ඩකාරී ලෙස මෝටර් රථ කොල්ලකෑම සහ මෝටර් රථ සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »