Search

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග සහ නිවාරණ වෛද්‍ය සහකාර මහාචාර්ය ජේම්ස් ට්‍රෝවර් පැවසුවේ ප්‍රභේද දෙකක් එකතු වීමෙන් XEC නිර්මාණය වී ඇති අතර එය නවතම කොවිඩ් වෛරස ප්‍රභේදය බවට පත්විය හැකි බවයි.

මෙම නව ප්‍රභේදය තවමත් අලුත් වුවද එහි රෝග ලක්ෂණ මීට පෙර පැවති කොවිඩ් තත්වයන්ට සමාන සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ ලෙසටයි සැලකෙන්නේ.

අධික උණ, කැස්ස හෝ උගුරේ අමාරුව, සිරුරේ වේදනාව සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ ද පැවතිය හැකියි.

මහාචාර්ය ජේම්ස් ට්‍රෝවර් ප්‍රකාශ කළේ වෙනත් රෝග ලක්ෂණ තිබේද යන්න විශ්ලේෂණය කිරීමට මෙතෙක් රෝගීන්ගේ ප්‍රමාණවත් දත්ත ලැබී නොමැති බවයි.

XEC වෛරසය පළමු වරට පසුගිය ජුනි මාසයේදී ජර්මනියේ බර්ලින් නුවරදී හඳුනාගෙන ඇති අතර එතැන් සිට වේගයෙන් ව්‍යාප්ත වී ඇති බව සඳහන්.

ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, පෝලන්තය, නෝර්වේ, ප්‍රංශය, එක්සත් රාජධානිය, යුක්රේනය, එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළු රටවල් 27 ක මෙම නව වෛරස් ප්‍රභේදය හඳුනා ගත් බවට වාර්තා කර තිබෙනවා.

නව ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට මෙතෙක් පැමිණ නොමැති අතර මහාචාර්ය ජේම්ස් ට්‍රෝවර් පැවසුවේ මෙම ප්‍රභේදය ඉදිරි සති කිහිපය තුළ ඔස්ට්‍රේලියාවට ළඟා විය හැකි බවයි.

වර්තමාන COVID එන්නත් නව ප්‍රභේදයට ගැලපෙන අතර ජනතාව තම බූස්ටර් එන්නත් මාත්‍රා සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

අවදානම් කණ්ඩායමක සිටී නම් හෝ විශේෂයෙන් වයස අවුරු 75 ට වැඩි නම් ඔබ සෑම මාස හයකට වරක් බූස්ටර් එන්නතක් ලබා ගත යුතු බවයි මහාචාර්යවරයා අවධාරණය කළේ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »