Search

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

බලශක්ති ආර්ථික හා මූල්‍ය විශ්ලේෂණ ආයතනය (IEEFA) විසින් මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ බටහිර රටවල න්‍යෂ්ටික ව්‍යාපෘති සමග සංසන්දනය කර මෙම සැලැස්ම මගින් මෙරට පවුල් ඒකකවලට ඇති කරන බලපෑම සොයා බැලීම සඳහා යි.

එමගින් අනාවරණ වී ඇත්තේ න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමේ පිරිවැය පියවා ගැනීම සඳහා සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානුවන්ට සෑම වසරකම තම බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 665 ක් වැඩිපුර ගෙවීමට සිදුවන බවයි.

එක්සත් රාජධානියේ සිදු කර ඇති පිරිවැය සලකා බැලීමේදී නිවසක් සඳහා සාමාන්‍යයෙන් සෑම වසරකම ඩොලර් 1000 කට වඩා වැඩි වන අතර අවම වියදම සලකා බැලීමේදී වසරකට අමතර ඩොලර් 300ක් පමණ වියදම් වන බවයි සඳහන් වන්නේ.

න්‍යෂ්ටික බලාගාර වලින් නිපදවන විදුලියේ පිරිවැය නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ විදුලි උත්පාදන පිරිවැය මෙන් 1.5 සිට 3.8 ගුණයක් වැඩි වනු ඇති බව විශ්ලේෂකයන් අනාවරණ කරගෙන තිබෙනවා.

රජයේ සහනාධාරයක් නොමැතිව න්‍යෂ්ටික බලාගාර වාණිජමය වශයෙන් ශක්තිමත් වී පැය 24ම විදුලිය උත්පාදනය සඳහා විදුලි බිල මෙම මට්ටම් දක්වා ඉහළ යා යුතු බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, විපක්ෂය මීට මාස තුනකට පෙර තම න්‍යෂ්ටික සැලැස්ම එළිදැක්වුව ද එහි පිරිවැය හෝ වැඩිදුර තොරතුරු මෙතෙක් නිකුත් කර නැහැ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »