වික්ටෝරියා ප්‍රාන්ත පොලිසියේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රථවාහන සම්බන්ධ ස්ථානීය දඩ නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වනවා.
නිලධාරීන් ස්ථානීය දඩ මුදල් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍යවරයා පොලිස් සේවා සංගමය අවසාන නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
වැටුප් ගැටළුවක් සහ සේවා මුර ක්‍රමයේ වේලාවන්වලට අදාළව පොලිසිය මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
එම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමේ එක් පියවරක් ලෙසට රථවාහන දඩ මුදල් ලබා ගැනීම දින නියමයක් නොමැතිව නතර කිරීමට වික්ටෝරියා පොලිසියේ නිලධාරීන් දහස් ගණනක් එකඟ වී තිබෙනවා.
පොලිස් නිලධාරීන් 15,000කට ආසන්න පිරිසක් ලබන සති අන්තයේ පැවැත්වෙන AFL අවසන් මහා තරඟයට පෙර මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් සංගමයේ වික්ටෝරියා ලේකම් වේන් ගැට් අද පැවසුවේ ප්‍රජා ආරක්‍ෂාව අවදානමකට ලක් නොවන අතර ප්‍රජාවට හෝ මාර්ග ආරක්‍ෂාවට තර්ජනයක් වන කරුණු සම්බන්ධයෙන් තවමත් කටයුතු කරන බවයි.