මෙම සති අන්තයේ සියලුම සිඩ්නි දුම්රිය සහ මෙට්‍රෝ සේවාවන් නොමිලේ ක්‍රියාත්මක බව ජනතාවට දැනුම් දීමක් කර තිබෙනවා.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ප්‍රවාහන බලධාරීන් දුම්රිය, ට්රෑම් රථ සහ බස් සංගමය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
ඒ අනුව ඊයේ රාත්‍රී 11 සිට සඳුදා අලුයම 1 දක්වා මගීන්ට මෙම සේවා භාවිතා කිරීමේදී මුදල් ගෙවීමට අවශ්‍ය නොවන බව සඳහන්.
කෙසේවෙතත් බස් රථ, සැහැල්ලු දුම්රිය දුම්රිය හෝ යාත්‍රා සේවා සඳහා නොමිලේ සේවාව අදාළ නොවන බව ද අවධාරණය කර තිබෙනවා.
එබැවින් එම ප්‍රවාහන සේවා භාවිතා කරන පාරිභෝගිකයින්ට මුදල් ගෙවීමට සිදුවනු ඇති.
බ්ලෙඩිස්ලෝ (Bledisloe) කුසලාන තරගාවලියට යන ක්‍රීඩා ලෝලීන් සඳහා, සියලුම පොදු ප්‍රවාහන සේවා නොමිලේ වන අතර තරගයට අදාළ ප්‍රවේශ පත්‍රයේ මිලෙන් නොමිලේ සේවාවේ වියදම ආවරණය කෙරෙන බවයි දැනුම් දෙන්නේ.