Search

පොලී අනුපාත සහන අපේක්ෂාවෙන් සිටි ඔස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තු සුන් වෙයි

2025 වසර දක්වා පොලී අනුපාත සහනයක් ඔස්ට්‍රේලියානුවන්ට නොලැබෙන බව ආර්ථික විශේෂඥයන් අනාවැකි පළ කර තිබෙනවා.

විශේෂඥයින් විසින් සිදු කරනු ලැබූ මත විමසුමේ තොරතුරු අනුව ප්‍රකාශ වී ඇත්තේ නිවාස හිමියන්ට උකස් සහනයක් සඳහා ලබන වසර තෙක් බලා සිටීමට සිදුවනු ඇති බවටයි.

මෙම මාසයේ සංචිත බැංකුවේ Cash rate අගයන් වෙනස්වීම පිළිබඳ සමීක්ෂණය සඳහා ආර්ථික විශේෂඥයින් 42 දෙනෙකු සමඟ සාකච්ඡා කර ඇති අතර සැප්තැම්බර් මාසයේදී මුදල් අනුපාතය සියයට 4.35ක් ලෙසට රඳවා ගනු ඇති බවයි ඔවුන් පැවසුවේ.

සමීක්ෂණයට ලක්වූවන්ගෙන් සියයට 60ක් ප්‍රකාශ කළේ 2025 වසරේ ජනවාරි මාසය තුළ පළමු පොලි අනුපාත කප්පාදුව සිදුවනු ඇති අතර තවත් සියයට 44ක් සඳහන් කළේ පෙබරවාරි මාසයේ පොලි අනුපාත කප්පාදුවක් සිදුවිය හැකි බවටයි.

ඉදිරි මාස 12 තුළ ඔස්ට්‍රේලියාවට අවපාතයකට මුහුණ දීමට සියයට 39ක සම්භාවිතාවක් පවතින බවයි විශේෂඥ මණ්ඩලය ප්‍රකාශ කළේ.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටෙලා හුවාංෆු පැවසුවේ ඉහළ පොලී අනුපාත, ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවය, දුර්වල පාරිභෝගික විශ්වාසය සහ විරැකියාව ඇතුළු සාධක සියල්ල අවපාතයක් සිදුවිය හැකි හේතු බවයි.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »