Search

අද (20) සිට Centrelink ගෙවීම් වැඩි වෙන්නේ මෙහෙමයි

JobSeeker, age pension සහ Youth Allowance යන Centrelink සමාජ ආරක්ෂණ ගෙවීම් රැසක් අද සිට ඉහළ යාමට නියමිතව තිබෙනවා.

මෙම දීමනා වැඩි කිරීමේ සහනය ඔස්ට්‍රේලියාවේ මිලියන පහකට වැඩි පිරිසකට බලපානු ඇති බවයි සඳහන් වන්නේ.

Age pension, Carer payment, Parenting payment, JobSeeker payment, සහ Rent assistance යන ගෙවීම් සඳහා ජනතාවට වැඩි මුදලක් හිමි වනු ඇති.

JobSeeker දීමනා ලබන්නන්ට සති දෙකකට අමතර ඩොලර් 71.20ක් ලැබෙන බව සඳහන්.

Age Pension, ආබාධිත විශ්‍රාම වැටුප් (Disability Support Pension) සහ රැකවරණ ගෙවීම් (Carer Payments), Commonwealth Rent Assistance, රැකියා සොයන්නන්ට ලැබෙන දීමනා (JobSeeker) සහ මාපිය ගෙවීම් (Parenting Payments) ඇතුළු විශ්‍රාම වැටුප් සහ තවත් සහනාධාර රැසකට මෙය අදාළ වනවා.

සැප්තැම්බර් 20 සිට බලාත්මක වනු පරිදි සාමාන්‍යයෙන් සති දෙකකට ඩොලර් 41.50 දක්වා වැඩිවීමක් සිදු වන අතර ගෙවීම් මත පදනම්ව එය වෙනස් විය හැකියි.

කුලී ආධාර සහ රැකියා සොයන්නන්ගේ ගෙවීම් සඳහා වෙනස්කම් 20 වනදා සිට ක්‍රියාත්මක වන අතර Commonwealth Rent Assistance ආධාරවල උපරිම අනුපාත සියයට 10 කින් වැඩි කෙරෙනු ඇති.

දරුවන් නොමැතිව තනිවම නිවාස කුලියට ගන්නා තනි පුද්ගලයෙකුට ලැබෙන දීමනාව සඳහා සති දෙකකට අමතර ඩොලර් 23ක් ලැබීමට නියමිතයි.

දරුවන් එක් අයෙකු හෝ දෙදෙනෙකු සිටින පවුල්වල, කුලී ආධාර සඳහා සති දෙකකට වරක් කරනු ලබන ගෙවීම ඩොලර් 27.02කින් වැඩි වන බව සඳහන්.

සමාජ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සතියකට පැය 0 සිට 14 දක්වා වැඩ කිරීමට අර්ධ ධාරිතාවක් ඇති තනි රැකියා සොයන්නන්ට ලැබෙන දීමනාව සති දෙකකට ඩොලර් 849.50ක් දක්වා ඉහළ යන බවයි.

දරුවන් නොමැතිව තනිව සිටින පුද්ගලයන්ට ඔවුන්ගේ ගෙවීම් සඳහා ඩොලර් 15.30 ක වැඩි වීමක් සිදුවන අතර දරුවෙකු සිටින තනි පුද්ගලයන්ට ඩොලර් 19.80ක් වැඩි වීමක් සිදුවීමට නියමිතයි.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »