Search

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින් බලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

දේශගුණ කවුන්සිලයේ නව වාර්තාවකට අනුව අනාවරණ වී ඇත්තේ සුර්ය පැනල සවි කර බලශක්තිය සඳහා ආයෝජනය කිරීම ජීවන වියදම් සහන සඳහා ප්‍රධාන සාධකයක් බවයි.

එමගින් සාමාන්‍ය නිවාසයක් වසරකට ඩොලර් 1500කට වඩා වැඩි මුදලක් ඉතිරි කරන බවයි දේශගුණ කවුන්සිලයේ Seize the Sun වාර්තාව පෙන්වා දෙන්නේ .

සමස්ත ඔස්ට්‍රේලියාවේ වහල මත සූර්ය පැනල සහිත පවුල් ඒකක ඔවුන්ගේ විදුලි බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3කට ආසන්න මුදලක් ඉතිරි කරන බව එහි සඳහන්.

සූර්ය බලය සහිත නිවාස බලශක්ති මිල වැඩිවීම්වලින් ආරක්ෂා වී ඇති අතර මෙරට නිවාස මිලියන 3.6කට වඩා සූර්ය පැනල සවි කර ඇති බවයි වාර්තා වන්නේ.

2030 වන විට එම සංඛ්‍යාව දෙගුණයක් විය යුතු බව වාර්තාව මගින් ප්‍රකාශ කර තිබෙනවා.

දේශගුණික කවුන්සිලයේ සහකාර මහාචාර්ය ටිම් නෙල්සන් සඳහන් කළේ සුර්ය පැනල සවි කිරීමට අඩු ආදායම්ලාභී පවුල්වලට මුල්‍ය සහනාධාර ලබාදීම වැනි ක්‍රමවලින් මෙම වැඩසටහන් ව්‍යාප්ත කළ යුතු බවයි.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »