මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.
ඉන්ධන සඳහා චීනයේ අඩු ඉල්ලුමක් පැවතීම ඔස්ට්‍රේලියාව තුළ මාස ගණනාවක් අඩුම ඉන්ධන මිලක් පවතින බවයි සඳහන් වන්නේ.
ඔස්ට්‍රේලියා ඛනිජ තෙල් ආයතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව සැප්තැම්බර් පෙට්‍රල් ලීටරයක මිල ශත 178.4 දක්වා පහත වැටී ඇති අතර ඩීසල් ලීටරයක මිල ශත 182.7ක් වනවා.
ලෝකයේ දෙවන විශාලතම ඉන්ධන ආනයනකරු වන චීනය විසින් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව එක් විශේෂඥයෙක් සඳහන් කර තිබෙනවා.
සිඩ්නි බෙල් ඩිරෙක්ට් හි (Bell Direct) ඉන්ධන විශ්ලේෂකයෙකු වන ග්‍රේඩි වුල්ෆ් පවසන්නේ ඉදිරි සතිවලදී මෝටර් රථ හිමියන්ට අඩු මිලක් අපේක්ෂා කළ හැකි බවයි.
ඇය පෙන්වා දෙන්නේ මෙරට ඉන්ධන මිල පහත වැටීමට අනෙක් හේතුව වන්නේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය ශක්තිමත් වීම බවයි.
කෙසේවෙතත් මැදපෙරදිග ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඉන්ධන මිල නැවත ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එමගින් දිගු කාලීනව ඉන්ධන පිරිවැය නැවත ඉහළ යනු ඇති බව ග්‍රේඩි වුල්ෆ් සඳහන් කළා.