ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ චර්යා ධර්ම සංග්‍රහය උල්ලංඝනය කළ බවටයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.
මෙම තහනම හේතුවෙන් ඔහුට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ, ප්‍රාන්ත හෝ වෙනත් ක්‍රිකට් සංගමයක හෝ බිග් බෑෂ් කණ්ඩායම්වල කිසිදු තනතුරක් දැරීම තහනම් වනු ඇති.
ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවෙක් ලෙස සේවය කරන අවස්ථාවේ දුලිප් සමරවීරට නුසුදුසු හැසිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි.
එම චෝදනා සඳහා ඔහු වැරදිකරු බවට සනාථ වීම හේතුවෙන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මෙම තහනම පනවා තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ වික්ටෝරියා ක්‍රිකට් ආයතනය සියලුම ක්‍රීඩකයන් සහ සේවකයන් සඳහා ආරක්ෂිත පරිසරයක් සැපයීමට කැපවී සිටින අතර වැරදි ලෙස සැළකීමට ලක්වූවන්ගේ සුභසාධනය ඉතා වැදගත් බවයි ඔවුන් නිවේදනය කළේ.
වික්ටෝරියා ක්‍රිකට් ආයතනය ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, රාජ්‍ය කාන්තා වැඩසටහන සමඟ කටයුතු කළ දුලිප් සමරවීර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ගත් තීරණයට තමන් ද සහාය දක්වන බවයි.