Search

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පැවති බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව අගෝස්තු මාසයේදී නව රැකියා 47,000ක් පමණ නිර්මාණය වී ඇති අතර ශ්‍රම වෙළඳපොළ ස්ථාවර තත්වයක පවතින බවයි සඳහන් වන්නේ.

සංඛ්‍යාලේඛන කාර්යාංශයේ කම්කරු සංඛ්‍යාලේඛන ප්‍රධානී කේට් ලැම්බ් සඳහන් කළේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා රැකියා පුරප්පාඩු ප්‍රමාණයක් පවතින අතර ශ්‍රම බලකායට ඇතුළු වී රැකියා සොයා ගැනීමට විශාල පිරිසක් තවමත් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

අගෝස්තු මාසයේදී රැකියාවල නියුතු පුද්ගලයින් සංඛ්‍යාව 47,500 කින් වර්ධනය වූ අතර රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 10,500 කින් අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.

ආර්ථිකය සමතුලිතතාවයකට පැමිණීමට සහ උද්ධමනය පාලනය කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙලඳපොල තවත් ලිහිල් විය යුතු බව සංචිත බැංකු නිලධාරීන් පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

රැකියාවේ නිරත ජනගහන අනුපාතය සුළු වශයෙන් ඉහළ ගොස් සියයට 64.3ක් වී ඇති බව සඳහන්.

එමෙන්ම සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ රැකියා විරහිත පශ්චාත් උපාධිධාරීන් සංඛ්‍යාව 2023 නොවැම්බර් සහ 2024 මැයි අතර 24,900 සිට 42,800 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙරට ආර්ථිකය පසුබෑමක් දක්වමින් සිටින අවස්ථාවක මෙම සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත්වීමද විශේෂත්වයක්.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »