Search

බටහිර සිඩ්නි ප්‍රදේශයේ නව රැකියා අවස්ථා සිය ගණනක්

නව රැකියා අවස්ථා 200ක් පමණ නිර්මාණය කරමින් Kmart සුපරි වෙළඳසල් සමූහය සිඩ්නි බටහිර ප්‍රදේශයේ තවත් වෙළඳසැලක් විවෘත කර තිබෙනවා.

මෙම නව වෙළඳසල විවෘත කිරීමත් සමග සමස්ත ඔස්ට්‍රේලියාව පුරා ඇති වෙළඳසැල් සංඛ්‍යාව 320 දක්වා ඉහළ යන බවයි Kmart බලධාරීන් සඳහන් කළේ.

විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වෙළඳසැලේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම ආයතනය ආරම්භ කිරීම මගින් අඩු ආදායම්ලාභී තරුණ පවුල් වැඩි ප්‍රතිශතයක් සිටින බටහිර තදාසන්න ප්‍රදේශවලට සහනයක් ලබාදීමට හැකි වනු බවයි.

St Mary’s ප්‍රදේශයේ ආරම්භ වන වෙළඳසැල්වලින් ඔවුන්ට ප්‍රතිලාභ හිමි වන බවයි එම ප්‍රකාශකයා සඳහන් කළේ.

මේ අතර Kmart Australia ප්‍රධාන විධායක නිලධාරී John Gualtieri සඳහන් කළේ ඔස්ට්‍රේලියානුවන්ට දරා ගත හැකි මුදලකට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබාදීම මගින් ඔවුන්ගේ දෛනික ජීවිත සාමාන්‍ය මට්ටමකට ගෙන ඒම ආයතනයේ අරමුණ බවයි.

නව වෙළඳසැලක් විවෘත කිරීමේදී වැදගත් වන්නේ නිර්මාණය වන රැකියා පමණක් නොව ජනතාවට පහසු මිලට විශිෂ්ට නිෂ්පාදන ද ලබාදීම බවයි ඔහු කියාසිටියේ.

වෙළඳසැලේ කාර්ය මණ්ඩලයෙන් බහුතරයක් වයස අවුරුදු 21ට අඩු අය වන අතර එම තරුණයින්ට තම ප්‍රජාව තුළදීම සේවා පළපුරුද්ද ලබා ගැනීමට හැකි වීම ගැන සතුටු වන බව මෙම අවස්ථාවට එක්වූ Western Sydney ගුවන් තොටුපළ අමාත්‍ය Pru Car සඳහන් කළා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »