දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.
ප්‍රධාන විධායක නිලධාරි පුරප්පාඩුව පිරවීම සඳහා අමතර ඩොලර් 40,000ක් ද වැටුපට එක් කරන බවට නිවේදනය කරමින් සුදුසුකම් ලත් අයෙකු සෙවීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිල බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ 4 වන වතාවට සිදු කෙරෙන මෙම බඳවා ගැනීමේ උත්සාහය සඳහා නිවැරදි අපේක්ෂකකු තෝරා ගැනීමට මෙම වැටුප් ඉහළ නැංවීම ආකර්ෂණයක් වනු ඇති බවයි.
මූල්‍ය ස්ථාවරත්වය කරා සිය සභාව මෙහෙයවීමට කැමති අපේක්ෂකයෙකු සොයා ගැනීමට කූබර් පෙඩි (Coober Pedy) කවුන්සිලය අරගලයක නිරත වන බවයි සඳහන් වන්නේ.
කවුන්සිලයේ පරිපාලකයින් විසින් ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීමට මීට පෙර අවස්ථා 3කදී උත්සාහ කර එය අසාර්ථක වීම හේතුවෙන් ඒ සඳහා රාජ්‍ය වැටුප් විනිශ්චය සභාවේ සහා ලබාගෙන තිබෙනවා.
මෙම ක්‍රියාවලියට උපකාර කිරීම සඳහා සිටින බඳවා ගැනීමේ විශේෂඥයෙකු පැවසුවේ මෙතෙක් ප්‍රකාශ කර තිබූ වැටුප් තලය අනුව කූබර් පෙඩි (Coober Pedy) ප්‍රදේශයට පැමිණ පදිංචි වීමට කැමති සුදුසුකම් ලත් අපේක්ෂකයෙකු සොයා ගැනීමට ඉඩක් නොමැති බවයි.
ප්‍රධාන විධායක නිලධාරියෙකුට එවැනි දුරස්ථ ස්ථානයකට මාරු වීමට මූල්‍ය දිරිගැන්වීමක් අවශ්‍ය වන අතර අඩු පළපුරුද්දක් ඇති අයෙකු බඳවා ගැනීම මගින් සභාවට සහ ප්‍රජාවට ද අවදානමක් බවයි ඔවුන් පැවසුවේ.
ඒ අනුව ඩොලර් 197,600ක වැටුපක සිට ඩොලර් 274,437 දක්වා වූ නව වැටුපක් ප්‍රකාශයට පත් කිරීම මෙම බඳවා ගැනීමට පහසු වනු ඇති බවට උපදෙස් ලැබීම හේතුවෙන් කවුන්සිලය අතිරේක ඩොලර් 40,000ක් ලබාදෙන බවට නිවේදනය කර තිබෙනවා.
Coober Pedy council has been a defaulting council since January 2019, meaning it is being overseen by administrators.
This will continue until local government elections in November 2026.