ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.
හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමක් විසින් සිදු කළ පිපිරීම් සිය ගණනක් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තවත් 3000 කට ආසන්න පිරිසක් තුවාල ලැබීමත් සමගයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙමින් පවතින බැවින් ඔස්ට්‍රේලියානු බලධාරීන් තම පුරවැසියන් වෙනුවෙන් මෙම සංචාරක උපදෙස් නිකුත් කර තිබෙනවා.
ස්මාර්ට් ට්‍රැවලර් (Smarttraveller) වෙබ් අඩවිය ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ගැටුම් වැඩි වී ඇති සහ ත්‍රස්තවාදී ප්‍රහාර ඇති වීමේ අවදානම සහිත ලෙබනනයට නොයන ලෙසයි.
ඇතැම් ගුවන් සමාගම් ඔවුන්ගේ ගුවන් ගමන් කල් දැමීමට හෝ අවලංගු කිරීමට කටයුතු කරන බැවින් දැනට ලෙබනනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් ගුවන් ගමන් පවතින කාලය තුළ වහාම රටින් පිටව යන ලෙස අවධාරණය කර තිබෙනවා.
පුර්ව දැනුම්දීමකින් තොරව තවදුරටත් ගුවන් ගමන් අවලංගු කිරීම් සහ බාධා සිදු විය හැකි බැවින් කැමති ගුවන් ගමන් මාර්ගයක් සඳහා රැඳී නොසිට ලබා ගත හැකි පළමු ගුවන් ගමනින් රටින් පිටවන ලෙසටයි දැනුම් දෙන්නේ.
පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් බේරූට් ගුවන් තොටුපළ වසා දමනු ලැබුව හොත් දිගු කාලයක් රටින් පිටත්ව යාමට නොහැකි වුව හොත් සහාය වීමට ඔස්ට්‍රේලියානු රජයට නොහැකි වනු ඇති බව ද Smarttraveller අවධාරණය කර තිබෙනවා.