Search

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

මෙම රෝගී තත්වය කුඩා දරුවන් අතර බහුලව පැතිර යාම හේතුවෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ සහිතව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව නොමිලේ RSV ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වන අතර පළමුවැන්න ගැබිණි කාන්තාවන් වෙනුවෙන් ලබාදෙන බව සඳහන්.

ඒ සඳහා ඉක්මනින් අනුමතිය ලබාදීමට බලාපොරොත්තු වන අතර සියලුම ගර්භනී කාන්තාවන්ට නොමිලේ ලබා ගත හැකි බව දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.

මෙම එන්නත මගින් RSV රෝගයේ දරුණු බලපෑම්වලින් මව සහ බිළිඳා යන දෙදෙනාටම ද්විත්ව ආරක්ෂාවක් ලබා දෙන බවයි පැවසෙන්නේ.

එම එන්නත ලබා ගැනීමට නොහැකි වූ හෝ ඉහළ අවදානම් සහිත දරුවන් සිටින මව්වරුන් සඳහා විකල්ප එන්නතක් ලබා ගත හැකි බව දැනුම් දී තිබෙනවා.

දැනට දකුණු ඔස්ට්‍රේලියාව තුල සාමාන්‍ය ජනතාවට RSV එන්නතක් ලබා ගැනීම සඳහා ඩොලර් සියගණනක් ගෙවීමට සිදුවන අතර මෙතෙක් එය නොමිලේ ලබා ගැනීමට හැකි වූ එකම කණ්ඩායම වැඩිහිටියන් පමණයි.

දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන්නේ ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 80ක් ලබන වසරේ නොමිලේ RSV එන්නත ලබා ගනු ඇති බවයි.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »