Search

මෙල්බන් නගරයේ මාර්ග රැසක් වසා දැමේ

ඉදිකිරීම්, වන සංරක්ෂණ සහ සමුද්‍රීය සේවක සංගමයේ (CFMEU) විරෝධතා හේතුවෙන් මෙල්බන් සහ සිඩ්නි නගර වෙත කම්කරුවන් දහස් ගණනක් එක්ව සිටින බව වාර්තා වනවා.

රැකියාවෙන් ඉවත් වූ දහස් ගණනක් කම්කරුවන් විරෝධතාවට එක්ව සිටින අතර ඔවුන්ගෙන් මෙල්බන් නගරයේ මාර්ග පිරී ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

වික්ටෝරියා ස්ට්‍රීට්, ලයිගන් ස්ට්‍රීට් සහ රසල් ස්ට්‍රීට් ඇතුළුව Trade Hall අවට මාර්ග රැසක් විරෝධතා රැලිය හේතුවෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙනවා.

අද දිනයේ විරෝධතා සඳහා කම්කරුවන් 80,000ක් පමණ මෙල්බන් CBD වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර පෙරවරු 11ට ආරම්භ වූ විරෝධතාව සමග මෝටර් රථ, ට්‍රෑම් රථ සහ බස් රථ සඳහා දැඩි තදබදයක් පවතින බව සඳහන්.

මෙල්බන් නගරයේ ප්‍රධාන ඉදිකිරීම් වැඩ බිම්වලින් කම්කරුවන් විශාල පිරිසක් විරෝධතාවට සහාය දැක්වීමට ඉවත්ව ගොස් ඇති බව ද වාර්තා වනවා.

ඉදිකිරීම්, වන සංරක්ෂණ සහ සමුද්‍රීය සේවක සංගමය (CFMEU) විසින් අද සිඩ්නි නගරයේ ද විරෝධතාවක් ද පවත්වන අතර මේ හේතුවෙන් හයිඩ් පාර්ක් අසල Elizabeth Street සහ Macquarie Street මාර්ග වසා දැමීමට නියමිතයි.

පසුගිය මාසය අවසානයේ බ්‍රිස්බන්, සිඩ්නි සහ මෙල්බන් අවට ඉදිකිරීම්, වන සංරක්ෂණ සහ සමුද්‍රීය සේවක සංගමයේ කම්කරුවන් ස්වේච්ඡා පරිපාලනය තුළ තැබීමට රජය ගත් තීරණයට හේතුවෙනුයි මෙම විරෝධතා ක්‍රියාත්මක වන්නේ.

සේවක සංගමයට කඩාකප්පල්කාරීන් පිරිසක් එක්වී ඇති බවට චෝදනා කරමින් රජය මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වූයේ.

එම චෝදනා මත වෘත්තීය සමිති නායකයින් නායකයින් කිහිප දෙනෙකු සේවයෙන් ඉවත් කෙරුණු අතර රජය ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කර ඇති බැවින් අදාළ සේවකයන් නැවත සේවයේ පිහිටුවන ලෙසට ඉල්ලමින් මෙම විරෝධතා ක්‍රියාත්මක වන බව සඳහන්.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »