Search

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

ඔහු ගමන් කළ වාහනය ඊයේ රාත්‍රී 9ට පමණ Sassafras හි Mountain අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන මීටර් 50ක් පමණ ප්‍රපාතයකට පෙරළි ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගයෙන් ඉවතට ගිය වාහනය කිහිප වතාවක්ම පෙරලී ගොස් පහළින් පිහිටි කැලෑවක ගස් මත රැඳී ඇති බව සඳහන්.

මෙම අනතුරින් රිය ධාවනය කළ තරුණයා තුවාලයක් ලබා මෝටර් රථයේ සුන්බුන් අතර සිරවීම හේතුවෙන් පිටතට පැමිණීමට හැකියාවක් ලැබී නැහැ.

එමෙන්ම අනතුරත් සමග ඔහුගේ දුරකථනය ද සොයා ගැනීමට නොහැකි වීමෙන් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමට හෝ හැකියාවක් ලැබී නොමැති බවයි වාර්තා වුයේ.

කෙසේවෙතත් අද උදෑසන 7ට පමණ ඔහුගේ දුරකතනයේ එලාම් එකක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔහු දුරකථනය ඇති ස්ථානය සොයාගෙන උදව් ඉල්ලා හදිසි ඇමතුම් අංශයට දැනුම්දී තිබෙනවා.

ගිනි නිවීම් නිලධාරීන්, ගිලන් රථ වෛද්‍යවරුන් සහ පොලිසිය එම ස්ථානයට කඩිනමින් ගොස් තිබුණ ද අනතුරට ලක් වූ ස්ථානය ගස්වලින් වැසී තිබීම නිසා මෝටර් රථය සොයා ගැනීම දුෂ්කර වූ බව සඳහන්.

ඒ අනුව පැය 10කට වැඩි කාලයක් රථයේ සිරවී සිටි රියදුරු පෙරවරු 8.30ට පමණ බේරාගෙන හෙලිකොප්ටරයක් මගින් රෝහල් ගත කර තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »