Search

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ගුවන් ගමන් ගාස්තු සම්බන්ධයෙන් සිදු කළ නව පර්යේෂණයකට අනුව ඔස්ට්‍රේලියාවේ ලාභදායීම ගුවන් ගමන් ගාස්තු සියයට 12.5 කින් ඉහළ ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

යටිතල පහසුකම් හා ප්‍රවාහන කාර්යාංශයේ දත්ත අනුව පසුගිය අප්‍රේල් මාසයේ සිට බොන්සා (Bonza) සමාගම ස්වෙච්ඡා පරිපාලනයට ඇතුලත් වීම මෙලෙස දේශීය ගුවන් ගමන් ගාස්තු ඉහළ යෑමට බලපා ඇති බව සඳහන්.

ලාභදායී අභ්‍යන්තර ගුවන් ගමන් ගාස්තු සඳහා ඩොලර් 150 සිට ඩොලර් 170 දක්වාත් මිල අධික ගාස්තු සඳහා ඩොලර් 350 සිට ඩොලර් 400 දක්වා ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුව තිබෙනවා.

ෆ්ලයිට් සෙන්ටර් හි (Flight Center) ප්‍රධාන විධායක ග්‍රැහැම් ටියුනර් සඳහන් කළේ අභ්‍යන්තර ගුවන් ගමන් ගාස්තු පසුගිය මාස ​​12ට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි.

ක්වන්ටාස් (Qantas) ගුවන් ගමන් ගාස්තු ද ඉදිරි සති තුනක කාලසීමාවේදී ඩොලර් 99 සිට ඩොලර් 199 දක්වා වැඩිවනු ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් එක්සත් ජනපදය වැනි තරඟකාරී වෙලඳපොලක් සහිත රටවල අභ්‍යන්තර ගුවන් ගමන් ගාස්තු පහත අගයක් ගන්නා අතර ඔස්ට්‍රේලියාවේ එම මිල ගණන් තවදුරටත් ඉහළ යෑම අභියෝගයක් බව ද ෆ්ලයිට් සෙන්ටර් (Flight Center) ප්‍රධාන විධායක නිලධාරීවරයා පෙන්වා දෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »