නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව Instagram භාවිත කරන නව යොවුන් වියේ පසුවන්නන්ගේ දෙමාපියන්ට තම දරුවන්ගේ Instagram ගිණුම් අධීක්ෂණය සඳහා හැකියාව ලැබෙන බව සඳහන්.
මෙම නව සීමාවන් ඊයේ සිට ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කැනඩාව ඇතුලු රටවල ක්‍රියාත්මක වන අතර මෙමගින් දෙමාපියන්ට තම දරුවන්ගේ Instagram ගිණුම්වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමිවනු ඇති.
වයස අවුරුදු 18 ට අඩු ළමයින් සඳහා Instagram විසින් මෙම නව විශේෂ ගිණුම් ක්‍රමවේදය හඳුන්වා දෙන අතර එමගින් ඔවුන්ට නැරඹීමට හැකි සහ Instagram ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කර ගත හැකි පිරිස සීමා කෙරෙනු ඇති.
මෙටා සමාගම පැවසුවේ අවුරුදු 18ට අඩු නව පරිශීලකයෙකු Instagram ගිණුමක් ආරම්භ කරන්නේ නම් මෙම තහනම ඊයේ සිටම ක්‍රියාත්මක අතර දැනට Instagram භාවිත කරන අය සඳහා දින 60ක් ඇතුළත වෙනස්කම් සිදු වනු ඇති බවයි.