2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.
වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා තෝරා ගෙන ඇති අවසන් තරඟකරුවන් පිළිබඳ Study Melbourne විසිනුයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ කැපී පෙනෙන ජාත්‍යන්තර සිසුන්ට සහ මෑත කාලීනව උපාධි ලබා ගත් උපාධිධාරීන් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමෙන බව සඳහන්.
2024 සම්මාන උළෙල සඳහා සිසුන් වෙනුවෙන් කාණ්ඩ 8ක් යටතේ සම්මාන පිරිනමන බවයි Study Melbourne දැනුම් දෙන්නේ.
උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයා (International Student of the Year – Higher Education) – වසරේ ජාත්‍යන්තර ශිෂ්‍ය ව්‍යවසායකයා (International Student/Graduate Entrepreneur of the Year) සහ නැගී එන ජාත්‍යන්තර ආදි ශිෂ්‍ය සම්මානය (Emerging Leader – International Alumni Awar) වැනි අංශ කිහිපයක් යටතේ සම්මාන පිරිනැමෙන බව සඳහන්.
මෙහිදී පර්යේෂණ අංශයෙන් වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයා (International Student of the Year – Research) සම්මානයට ශ්‍රී ලංකික සිසුවියක් වන කරිෂ්මා ඩොන් (Karishma Don) සුදුසුකම් ලබා තිබෙනවා.
ඇය චක්‍රලේඛ ආර්ථිකය සහ තිරසාර ආර්ථික භාවිතයන් පිළිබඳව (circular economy and sustainable economic practices) පර්යේෂණවල නිරත වන අතර ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංගමයේ සහ Ballarat Renewable Energy and Zero Emissions (BREAZE) හි ක්‍රියාකාරී සාමාජිකාවක් බවයි සඳහන් වන්නේ.
පර්යේෂණ අංශයෙන් වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයා සම්මානය සඳහා ශ්‍රී ලංකික සිසුවෙක් වන අජ්මාල් අබ්දුල් අසීස් ද (Ajmal Abdul Azees) සුදුසුකම් ලබා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආචාර්ය උපාධිධාරියෙක් වන ඔහු ස්නායු විද්‍යාව පිළිබඳ විශේෂඥ සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හදාරමින් සිටින බව සඳහන්.
ලොව ප්‍රථම බහු නාලිකා දෙමුහුන් කර්ණශේරුකා බද්ධ කිරීම නිපදවූ අතර (world’s first multi-channel hybrid cochlear implant) එමඟින් ගෝලීය වශයෙන් මිලියන 700 කට ප්රතිලාභ ලැබිය හැකි බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වෘත්තීය අධ්‍යාපන සහ පුහුණුව යන ක්ෂේත්රයේ වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයා (International Student of the Year – Vocational Education and Training) සම්මානය සඳහා ශ්‍රී ලංකික සිසුවියක් වන Manal Lashinka Pandita සුදුසුකම් ලබා තිබෙනවා.
ලා ට්‍රෝබ් විද්‍යාලයේ (La Trobe College) ශිෂ්‍ය නියෝජිත කවුන්සිලයේ කණ්ඩායම් නායකයෙකු ලෙස ඇය සංස්කෘතික උත්සව සංවිධානය කිරීමට සහ සෙසු සිසුන්ට සහාය වීම මෙම තෝරා ගැනීමට මූලික වී ඇති බව සඳහන්.
රොෂානා කෙයාර් (Roshana Care) සමූහයේ Lifestyle Assistant ලෙස වැඩිහිටි පුද්ගලයන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ඇයගේ කැපවීම මෙහිදී අවධානයට කලවා තිබෙනවා.
මනෝවිද්‍යාව කෙරෙහි දැඩි ඇල්මක් ඇති මෙම ශ්‍රී ලංකික සිසුවිය අනාගත පරම්පරාවට ධනාත්මක බලපෑමක් ඇති කිරීමේ ආශාවෙන් ළමා මනෝවිද්යාඥවරියක් වීමට අපේක්ෂා කරන බවයි Study Melbourne වෙබ් අඩවිය වාර්තා කළේ.
එමෙන්ම වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව යන ක්ෂේත්රයේ වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයා (International Student of the Year – Vocational Education and Training) සම්මානය සඳහා, පර්යේෂණ අංශයෙන් වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයා සම්මානයට ද සුදුසුකම් ලබා ඇති කරිෂ්මා ඩොන් (Karishma Don) ද සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්.
මේ අතර වසරේ ජාත්‍යන්තර ශිෂ්‍ය උපාධිධාරී ව්‍යවසායකයා (International Student/Graduate Entrepreneur of the Year) සම්මානය වෙනුවෙන් ශ්‍රී ලංකික සිසුවියක් වන රුවිනි කුරේ (Ruwini Cooray) නම් කර තිබෙනවා.
Study Melbourne වෙබ් අඩවිය විසින් ඇය හඳුන්වා දී ඇත්තේ ස්නායු විද්‍යාව කෙරෙහි දැඩි ඇල්මක් ඇති සහ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට කැපවී සිටින දූරදර්ශී ව්‍යවසායිකාවක් ලෙසටයි.
ඇයගේ ආචාර්ය උපාධිය හදාරන අතරතුර ඇය ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ක්ෂුද්‍ර පටක මොළයේ තැන්පත් කිරීම් සංවර්ධනය කිරීමේ අරමුණින් පරීක්ෂණ (Neurogen with the aim of developing a groundbreaking microtissue brain implants to treat neurological diseases) ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
සෞඛ්‍ය තාක්ෂණ නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කර ඇති රුවිනි රෝගීන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමේ අරමුණින් ස්නායු විද්‍යා ක්ෂේත්රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව වාර්තා වනවා.
මෙම සම්මාන සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් අතරට ඉන්දීය, නේපාල, බංග්ලාදේශ, වියට්නාමය, තායිවානය, පේරු, ඕමාන්, මෙක්සිකෝව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල සිසු සිසුවියන් ද වනවා.
කෙසේවෙතත් වැඩිම සිසු සිසුවියන් පිරිසක් සම්මාන සඳහා නිර්දේශ වී ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකෙන් වීම විශේෂත්වයක්.