පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.
ලොතරැයි ප්‍රකාශිකා ඇනා හොබ්ඩෙල් සඳහන් කළේ 2023 වසරේ සැප්තැම්බර් 27 වනදා දිනුම් අදිනු ලැබූ ලොතරැයියේ මිලියනයක ත්‍යාගයක් හිමි වූ ලොතරැයිය ලියාපදිංචි කළ එකක් නොවීම හේතුවෙන් එහි හිමිකරු සොයා ගැනීමට නොහැකි වූ බවයි.
එවැනි අවස්ථාවක අදාළ ජයග්‍රාහකයා තම ලොතරැයිය පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන තෙක් සිටීමට ලොතරැයි නිලධාරීන්ට සිදු වනවා.
ලොතරැයි ප්‍රකාශිකාව සඳහන් කළේ Mawson Lakes හි අලෙවි සැලකින් මෙම ලොතරැයිය මිල දී ගෙන ඇති අතර මාස 12ක් තුළ අදාළ ජයග්‍රාහී මුදල ලබා නොගත හොත් එය අවලංගු වන බවයි.
ඒ අනුව මෙම ඩොලර් මිලියනයක ත්‍යාගය ලබා ගැනීමට දකුණු ඔස්ට්‍රේලියා ජයග්‍රාහකයාට තවත් ඉතිරිව ඇත්තේ දින 10ක් පමණයි.
ජයග්‍රාහකයා නියමිත වේලාවට තම මුදල ලබා ගැනීම සඳහා ඉදිරිපත් වීමට අපොහොසත් වුවහොත් එම ත්‍යාගය නැවත දකුණු ඔස්ට්‍රේලියාවේ ලොතරැයි කොමිසම වෙත භාර දෙනු ලබනවා.
ලියාපදිංචි නොකළ ලොතරැයියක් බැවින් ජයග්‍රාහකයා සම්බන්ධ කර ගැනීමට මාර්ගයක් නොමැති වුව ද නිලධාරීන් විමර්ශන ක්‍රියාවලියක් හරහා ජයග්‍රාහකයා සොයමින් සිටින බවයි ලොතරැයි ප්‍රකාශිකාව කියාසිටියේ.
2017 වසරේ සිට ඔස්ට්‍රේලියාව පුරා ජයග්‍රාහකයන් ඉදිරිපත් නොවූ ප්‍රධාන ලොතරැයි ත්‍යාග 19ක් පවතින අතර ඒවායෙහි සමස්ත වටිනාකම ඩොලර් මිලියන 15කට අධික බව සඳහන්.