Search

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර hay fever ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මෙම රෝගී තත්වය තණකොල හා පිදුරු ආශ්‍රිත තෘණවලින් පිටවන පරාග හේතුවෙන් ව්‍යාප්ත වන්නක් බවයි හේතුවෙන් වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ.

සෑම ඔස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් මෙලෙස ආසාත්මිකතාවන්ට ගොදුරු වනු ඇති අතර ජනතාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දැනුවත් කර තිබෙනවා.

කාලගුණික විපර්යාස සමග රටේ බොහෝ ප්‍රදේශවල රෝග වර්ධනයක් පෙන්නුම් කරන අතර ඇදුම රෝගීන් විශේෂයෙන් මේ දිනවල ආරක්ෂා විය යුතු බවයි දැනුම් දෙන්නේ.

හුස්ම හිරවීම හෝ අඛණ්ඩ කැස්සක් පවතින්නේ නම් එය සාමාන්‍ය තත්වයක් සේ නොසලකා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස උපදෙස් ලබා දෙනවා.

මෙම රෝග ලක්ෂණ අතර කිවිසුම් යාම, කැස්ස, නාසයෙන් සොටු දියර ගැළීම මෙන්ම නාසය කැසීම, ඇස් කැසීම සහ ඇස් රතුවීම මෙන්ම උගුර කැසීම වැනි රෝග ලක්ෂණ ඇතුළත්.

හුස්ම හිරවීම, පපුව හිරවීම, කැස්ස, දහඩිය දැමීම, ක්ලාන්තය වැනි ඇදුම රෝග ලක්ෂණ පවතින්නේ නම් ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසටයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙන්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »