Search

Centrelink දීමනා ප්‍රමාද අඩුවන හැඩ

Services Australia ආයතනය සඳහා අමතර කාර්ය මණ්ඩල සේවකයින් 3000ක් එක්කර ගැනීමට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

Centrelink සහනාධාර හිමියන්ට ප්‍රමාදයකින් තොරව සේවා සැපයීම මෙහි අරමුණ බව සඳහන්.

මෙමගින් Centrelink සේවා ලාභීන්ට තම දීමනා ලබා ගැනීමට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවන කාලය අවම කර ගත හැකි අතර කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට ද හැකි වනු ඇති.

එමෙන්ම Centrelink හිමියන්ට තම මූල්‍ය තත්ත්වය පිළිබඳ මාර්ගගත යාවත්කාලීන කිරීම් තනිව හෝ දුරකථන මාර්ගයෙන් සිදුකිරීමේ අවස්ථාව සලසා දීමට ද පියවර ගෙන තිබෙනවා.

මෙම ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක වන අතර Centrelink හිමියන්ට සේවා ලබා ගැනීම සඳහා ගත වන කාලය අඩු කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් ද උපදෙස් මෙහිදී ලබා දෙනු ඇති.

කෙසේ වෙතත් මෙම වසර මුලදී වැඩිහිටි විශ්‍රාමිකයින්ට චෝදනා කර තිබුණේ තම මුදල් සම්බන්ධ තොරතුරැ ලබා ගැනීමේදී වැඩි කාලයක් ඊට ගත වන බවයි.

විශ්‍රාම වැටුප් හිමිකම් සඳහා සාමාන්‍ය කාලය දින 78ක් වූ අතර ආබාධිත ආධාර විශ්‍රාම වැටුප් හිමිකම් පෑමක් සඳහා දින 82ක කාලයක් පෙර පැවති ක්‍රමවේදය යටතේ රැඳී සිටීමට සිදුව තිබුණා.

Services Australia සාමාන්‍යධිකාරී Hank Jongen ප්‍රකාශ කලේ කළේ නව කාර්ය මණ්ඩල බඳවා ගැනීමත් සමග විශ්‍රාම වැටුප් හිමිකම් සඳහා සාමාන්‍ය සැකසුම් කාලය දින 55 දක්වා අඩු කර ඇති බවයි.

Commonwealth Seniors Health Card හිමියන්‌ට ඒ සඳහා අයදුම් කිරීමට තිබූ කාලය දින 42 සිට දින 16 දක්වා පහත වැටී තිබීම ද විශේෂත්වයක්.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »