ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා
විපක්ෂ කණ්ඩායමක් විසින් සිදු කළ නව සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත්තේ එවැනි සාපරාධී අපරාධ සියයට 193ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.
2015 වසරේ සිට සාපරාධී ක්‍රියාවන්ට ගොදුරු වූ පුද්ගලයින්ගේ තොරතුරු සම්බන්ධ ක්වීන්ස්ලන්ඩ් පොලිස් වාර්තා අනුව විපක්ෂය විසින් අපරාධ සංඛ්‍යාලේඛන විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබුණා.
එමගින් විපක්ෂය පෙන්වා දී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවරක් ලෙසටයි.
2015 වසරේදී රජය බලයට පත්වීමෙන් පසු අපරාධවලට ගොදුරු වුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර ඒ පිළිබඳ නිවැරදි සාක්ෂි පවතින බව විපක්ෂය පවසනවා.
පසුගිය වසර නවය තුළ ගෘහස්ත හිංසන වැනි අපරාධවලට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව 28,369 සිට 83,276 දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවල සඳහන්.
ප්‍රකාශයක් නිකුත් කරමින් මන්ත්‍රී ඩෑන් පර්ඩි කියාසිටියේ ප්‍රාන්ත රජයේ දුර්වල නීති පද්ධතිය මීට හේතුවී ඇති බවයි.
නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලට වඩා ක්වීන්ස්ලන්ඩ්හි අපරාධවලට ගොදුරු වූවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර විචාරකයින් පෙන්වා දෙන්නේ ක්වීන්ස්ලන්ඩ් රටේ අපරාධ අගනුවර බවට පත්ව ඇත්තේ කම්කරු පක්ෂයේ නීති හේතුවෙන් බවයි.