Search

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

දින නියමයක් නොමැතිව එය පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රතිඥා දී ඇති අතර ක්වීන්ස්ලන්ඩ් ජනතාවට මේ හේතුවෙන් පොදු ප්‍රවහනයෙන් තවදුරටත් ප්‍රතිලාභ ලැබෙනු ඇති.

පසුගිය ඉරිදා ප්‍රාන්ත අගමැති ස්ටීවන් මයිල්ස් ප්‍රකාශ කළේ මැතිවරණයෙන් තමා තේරී පත් වුවහොත් දැනට අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක ශත 50ක ගාස්තු ක්‍රමය ස්ථිර කරන බවයි.

අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලද මෙම අත්හදා බැලීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොදු ප්‍රවාහනය භාවිතා කරන පිරිස COVID වසංගත සමයට පෙර පැවති සීමාව ද ඉක්මවා ගොස් තිබුණා.

එමෙන්ම පොදු ප්‍රවාහනය භාවිතා කළ මගීන්ට ඩොලර් මිලියන 37ක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවයි රජය ප්‍රකාශ කළේ.

අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව විපක්ෂ නායක ඩේවිඩ් ක්‍රිසාෆුලි ද සඳහන් කළේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ජනතා විශ්වසනීයත්වය වැඩි කිරීම සඳහා ශත 50 ගාස්තු ක්‍රමය පවත්වාගෙන යන බවයි.

මේ වන විට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දුම්රිය, බස්, ට්‍රෑම් රථ සහ බෝට්ටු සේවා ඇතුළු සියලුම Translink පොදු ප්‍රවාහන සේවා සඳහා ශත 50 ගාස්තුව අදාළ වනවා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »