Search

සිඩ්නි මාර්ග රැසක් අද වැසේ

සිඩ්නි මැරතන් තරගය සඳහා අද දිනයේදී මාර්ග රැසක් වසා තැබෙන බව ජනතාවට දැනුම් දී තිබෙනවා.

මෙම මැරතන් ධාවන තරඟයට ධාවකයින් රැසක් එක්වීමට නියමිත අතර තරගය අද උදෑසන 6ට ආරම්භ කිරීමට පෙර මාර්ග වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව සිඩ්නි CBDහි සියලුම ප්‍රධාන මාර්ග සහ පාපැදි මාර්ග අලුයම 3.30 සිට වසා දැමෙනු ඇති.

The Rocks, Millers Point, CBD, North Sydney, Barangaroo, Pyrmont, Darlinghurst, Moore Park, Centennial Park, Kensington සහ Kingsford යන ප්‍රදේශ ආශ්‍රිත මාර්ගයන්ද වසා තැබීමට නියමිතයි.

සිඩ්නි වරාය පාලම, Cahill අධිවේගි මාර්ගය, යෝර්ක් ස්ට්‍රීට් සහ මැකාරී ස්ට්‍රීට් (Macquarie Street) අතර මාර්ග ද වසා දැමෙන අතර විශේෂයෙන් මැකාරී ස්ට්‍රීට් අද අලුයම 4 සිට සවස 3 දක්වා වසා තැබෙන බවයි නිවේදනය කර ඇත්තේ.

Anzac Parade සිට Moore Park දක්වා මාර්ගය උදෑසන 5 සිට උදෑසන 11.30 දක්වා වසා තැබෙන බව සඳහන්.

Park Street, William Street ,Elizabeth Street සහ Crown Street උදෑසන 5 සිට දහවල් 2 දක්වා වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

Sections of College Street, Liverpool Street, Oxford Street, Flinders Street සහ South Dowling Street යන මාර්ග ද උදෑසන 4 සිට දහවල් 2දක්වා වසා තැබෙනවා.

මෙම මාර්ග භාවිත කරන රියදුරන් අද දිනය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි සිඩ්නි රථ වාහන පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »