Search

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

නව බදු සහ වීසා ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සංචාරකයින්ගේ විදේශ සංචාර පෙරට වඩා මිල අධික වී ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් විදෙස් සංචාරයක් සැලසුම් කිරීමට පෙර එම රටවල්වල අය කෙරෙන ගාස්තු සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සුදුසු බව දැනුම් දෙනවා.

ග්‍රීසිය විසින් හඳුන්වා දී ඇති කෲස් පැසෙන්ජර් ටැක්ස් (Cruise passenger tax) මගින් ග්‍රීෂ්ම සමයේ සැන්ටෝරිනි සහ මයිකොනොස් දූපත් වෙත පැමිණෙන මගීන් සඳහා යුරෝ 20ක බද්දක් හඳුන්වා දීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

අග්‍රාමාත්‍ය Kyriakos Mitsotakis සඳහන් කර ඇත්තේ සුඛෝපභෝගී නෞකා මගින් පැමිණෙන සංචාරකයන් Santorini සහ Mykonos වලට ගැටළුවක් වී ඇති බැවින් මෙම බදු පැනවීම සිදු කරන බවයි.

ඊට අමතරව යුරෝපයේ ජනප්‍රිය ස්ථාන නැරඹීමට යන ඔස්ට්‍රේලියානුවන්ට නව වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට සිදුවනු ඇති.

මේ අනුව මෙතෙක් යුරෝපයට යාමට වීසා අවශ්‍ය නොවූ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 60 ක පුද්ගලයින්ට නිවාඩුවක් සඳහා යුරෝපීය රටවල් 30 කට යාමට මෙම ETIAS සංචාරක අවසරය අවශ්‍ය බවයි සඳහන් වන්නේ.

එමෙන්ම එක්සත් රාජධානියට යන ඔස්ට්‍රේලියානුවන්ට අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර (ETA) යෝජනා ක්‍රමය යටතේ වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීම අවශ්‍ය වනු ඇති.

එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ උපත නොලැබූ සියලුම සංචාරකයන්ට ඔවුන්ගේ පැමිණීමට පෙර ඩොලර් 20ක් වැය වන මෙම අවසරය ලබා ගැනීම අවශ්‍ය බවයි දැනුම් දෙන්නේ.

නොවැම්බර් 27 සිට ETA සඳහා ඉල්ලුම් කළ හැකි අතර ලබන වසරේ ජනවාරි 8 දක්වා සිදු කෙරෙන ගමන්වලට මෙම අනුමැතිය අවශ්‍ය නොවන බව සඳහන්.

බ්‍රසීලයේ ද නව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක වීමට නියමිත අතර 2025 වසරේ අප්‍රේල් 10 වනදා සිට ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් ජනපදයේ සංචාරකයින් සඳහා වීසා ක්‍රමවේදය හඳුන්වා දෙනු ඇති.

මේ අතර පෘතුගාලයේ පෝර්ටෝ නගර සභාව විසින් එක් රාත්‍රියකට යුරෝ 2 සිට යුරෝ 3 දක්වා සංචාරක බදු ඉහළ නංවා තිබෙනවා.

රෝමයේ ජනප්‍රිය ට්‍රෙවි දිය උල්පත (Trevi fountain) නැරඹීමට යන සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර ක්‍රමයක් නිර්මාණය කිරීමට ද අවධානය යොමුවී ඇතැයි සඳහන්.

එහි නිල සැලසුම් කිසිවක් ප්‍රකාශයට පත් කර නොමැති වුව ද එය ඉක්මනින් හඳුන්වා දෙනු ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර නවසීලන්තය, සංචාරකයින් සඳහා ඇතුළුවීමේ ගාස්තු තුන් ගුණයකින් වැඩි කිරීමට නියමිතව තිබෙනවා.

ඔක්තෝබර් පළමු වනදා සිට ජාත්‍යන්තර සංචාරකයන් සඳහා ගාස්තු ඉහළ නැංවෙන අතර ඔස්ට්‍රේලියානුවන් සහ පැසිෆික් රටවල සංචාරකයින් එම බද්දෙන් නිදහස් වනු ඇති.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »