Search

ඔස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න ඉන්න අයට වැදගත් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් සඳහා හොඳම සහ නරකම ප්‍රාන්ත නව වෙළඳපල පර්යේෂණ දත්ත මගින් අනාවරණ කර තිබෙනවා.

නව දත්තවලට අනුව කුලී නිවැසියන් සඳහා නරකම තදාසන්න ප්‍රදේශ සහිත ප්‍රාන්තය ලෙසට පළමු තැනට පැමිණ ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයයි.

වෙළඳපල පර්යේෂණ ආයතනයක් වන Suburb Trends විසින් මෑත කාලීන කුලී මිල ගණන් මත පදනම්ව නිකුත් කරන ලද Rental Pain Score Index වාර්තාවට අනුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තදාසන්න ප්‍රදේශ 12ක කුලී නිවැසියන්ට දරාගත නොහැකි මිල ගණන් පවතින බවයි සඳහන් වන්නේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තදාසන්න ප්‍රදේශ 10ක්, දකුණු ඔස්ට්‍රේලියාවේ 6ක්, බටහිර ඔස්ට්‍රේලියාවේ 4ක්, වික්ටෝරියා ප්‍රාන්තයේ දෙකක් සහ ටස්මේනියා ප්‍රාන්තයේ එක් උප නගරයක් මෙම ලැයිස්තුවට ඇතුලත්.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවැසියන්ට දරා ගත නොහැකි මිලක් පවතින තදාසන්න ප්‍රදේශය ලෙස Tweed Heads South ශ්‍රේණිගත කර ඇති අතර එහි නිවැසියන් ආදායමෙන් සියයට 69ක් කුලි ගෙවීමට වියදම් කරන බව සඳහන්.

Clear Island Waters, Coombabah සහ Bribie Island යනු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කුලී මිල ගණන් දරා ගත නොහැකි තදාසන්න ප්‍රදේශ වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Mornington West, Rosebud සහ Doncaster යන ප්‍රදේශ දැරිය නොහැකි මිල ගණන් සහිත ප්‍රදේශ අතර ඉහළින් සිටින බවයි වාර්තා වන්නේ.

මිල වැඩිවීම් තරමක් අඩු වී ඇති ප්‍රදේශවල පවා බොහෝ කුලී නිවැසියන් ගැටලුවලට මුහුණ දෙමින් සිටින අතර ඔවුන් කුලී ගෙවීම සඳහා තම ආදායමෙන් සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කරන බව සඳහන්.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »