Search

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

සමාජ මාධ්‍ය භාවිතය සඳහා අවම වයස් සීමාවක් ක්‍රියාත්මක කිරීමට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට සැලසුම් යෝජනාවට මානසික සෞඛ්‍ය විශේෂඥයින් විරෝධය පළ කරන අතර එම තහනම තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ හැකි බවයි පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පසුගිය සඳුදා නිවේදනය කළේ තරුණයන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීම සඳහා වසර අවසානය වන විට Instagram, TikTok සහ Snapchat වැනි සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමට රජයට කටයුතු කරන බවයි.

මෙරට සිදු කරනු ලැබූ සමීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ පාසල්වල 12 ශ්‍රේණියේ සිසුන් සියයට 40කට වඩා වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ අගයකින් කාංසාව සහ මානසික අවපීඩනය යන රෝගී තත්වයන්ගෙන් පෙළෙන බවයි.

එමෙන්ම වයස අවුරුදු 5 සහ 17 අතර ළමයින්ගේ මරණයට ප්‍රධානතම හේතුව සියදිවි නසාගැනීම බව ද හෙළිවී තිබෙනවා. .

Beyond Blue ප්‍රකාශක Luke Martin පැවසුවේ මෙම තත්වයට සමාජ මාධ්‍ය වෙත පමණක් දොස් පැවරිය නොහැකි අතර තරුණයින්ට සමාජ මාධ්‍යයට ඇති ප්‍රවේශය අවහිර කිරීමෙන් ගැටලුව නොවිසඳෙන බවයි.

පසුගිය වසර 15 තුළ තරුණයන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු සියයට 50 කින් ඉහළ ගොස් තිබුණ ද ඊට නිශ්චිත හේතුවක් පිළිබඳ අනාවරණ කර නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මානසික ගැටලුවලට හේතුව සමාජ මාධ්‍ය බවට සියලුදෙනා ප්‍රකාශ කළ ද පර්යේෂණ මගින් පෙන්නුම් කර ඇත්තේ එය බොහෝ විට විවිධ කරුණු රැසක එකතුවක් හේතුවෙන් මතුවන බවයි.

සමාජ මාධ්‍යවල අනතුරුදායක තත්වයන් තිබුණ ද තරුණයින්ට ඒවාට ප්‍රවේශ වීම අවහිර කිරීම මගින් එහි ඇති ධනාත්මක වාසි තත්වයන් ද අහිමි වීම රජයේ අවධානයට යොමු විය යුතු බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

යෞවන වයසේ පසුවන්නන් සඳහා ඵලදායී ආකාරයෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීම සහ එය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »