Search

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

බොහෝ ඔස්ට්‍රේලියානුවන් රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ඒ ආශ්‍රිත විවිධ සැත්කම් සඳහා විදේශ ගත වුව ද නව පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ විදෙස් සංචාරවල නිරත වීමෙන් තම අවශ්‍යතාවය බොහෝ දුරට ඉටු කර ගත හැකි බවයි.

සංචාර තුළින් ලැබෙන මානසික හා ශාරීරික ප්‍රතිලාභ සම්බන්ධයෙන් පර්ත් එඩිත් කෝවන් විශ්ව විද්‍යාලයේ (Edith Cowan University) විශේෂඥයින් විසින් සොයාගෙන ඇති අතර එමඟින් මිනිසුන්ට තරුණ පෙනුමක් ලබා ගත හැකි බවයි සඳහන් වන්නේ.

වයස්ගත වීම ආපසු හැරවිය නොහැකි සහ නතර කළ නොහැකි ක්‍රියාවලියක් වුවද එය මන්දගාමී කළ හැකි බව මෙම පර්යේෂනයට එක්වූ ආචාර්ය ෆැන්ග්ලි හූ (Fangli Hu) සඳහන් කළා.

සංචාරයේ නිරත වීම මගින් නව සංස්කෘතීන්, භාෂාව, වටපිටාව සහ විවේකී ක්‍රියාකාරකම්වලට නිරාවරණය වීමෙන් ආතතිය වැනි තත්වයන්ට දක්වන ප්‍රතිචාරවලට ද උත්තේජනයක් ලැබෙන බවයි අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම එමගින් සිරුරේ පටක අළුත් වීම සඳහා හිතකර හෝර්මෝන මුදා හැරෙන අතර රෝගවලට ඔරොත්තු දීම මෙන්ම ඒවාට ප්‍රතිචාර දැක්වීමේ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ද වර්ධනය කෙරෙන බව සඳහන්.

සංචාරක ව්‍යාපාරය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක කොටසක් වන බැවින් එය ශාරීරික හා මානසික සෞඛ්‍යයට දායක විය හැකි අතර වියපත් වීම අවම කළ හැකි බවයි ෆැන්ග්ලි හූ (Fangli Hu) කියාසිටියේ.

විශේෂයෙන් වනාන්තර සහ වෙරළ වැනි දර්ශන මගින් ආතතිය අඩු කිරීමට සහ මිනිසුන්ගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ඊට අමතරව ඇවිදීම, කඳු නැගීම, බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් මගින් හෘද සෞඛ්‍යය, මාංශ පේශි සහ ශරීරයේ අනෙක් කොටස්වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කළ හැකි බව ද ඇය පෙන්වා දී තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »