Search

ඔස්ටේ්‍රලියා – නවසීලන්ත සංචාරක බුබුළ එන දිනය මෙන්න

ඔස්ටේ්‍රලියාව සමග ඇති කිරීමට යෝජිත සංචාරක බුබුළ ක්‍රියාවට නංවන දිනය ලබන මස 06 වනදා ප්‍රකාශයට පත් කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය පවසනවා.

සාකච්ඡා වට 12 කින් පසු දෙපාර්ශවය අතර එකගතා මාලාවකට පැමිණීමට හැකිවූ බවයි වෙලින්ටන් අගනුවරදී පැවති මාධ්‍ය හමුවකදී ඇය කියාසිටියේ.

වීසා නිකුත් කිරීම කෙරෙහි පමණක් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද අග්‍රාමාත්‍යවරිය කියාසිටියා.

ඔස්ටේ්‍රලියාව මෙන්ම නවසීලන්තයද සතුටුදායක මට්ටමකට කොවිඩ් වෛරසය පාලනය කර ඇති බැවින් මෙම සංචාරක බුබුළ ඇති කිරීමට යෝජනා වී තිබෙනවා.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »