ඔස්ට්‍රේලියාවේ නව යොවුන් වියේ පසුවන බොහෝ ගැහැණු ළමයින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන හිරිහැරවලට මුහුණ දී ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් පර්යේෂකයන් විසින් කරන ලද නව සමීක්ෂණයකට අනුව නව යොවුන් වියේ ගැහැණු ළමයින්ගෙන් සියයට 98ක් අන්තර්ජාලය හරහා හිරිහැරයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.
සන්ෂයින් කෝස්ට් විශ්ව විද්‍යාලයේ (Sunshine Coast) මෙම අධ්‍යයනය සඳහා වයස අවුරුදු 14 සහ 19 අතර ඔස්ට්‍රේලියානු ගැහැණු ළමයින් 336 දෙනෙකු පිළිබඳ අවධානය යොමු කරමින් සිදු කර තිබෙනවා.
පර්යේෂකයන් එමගින් හෙළි කරගෙන ඇත්තේ එම ගැහැණු ළමයින්ගෙන් සියයට 62ක් අන්තර්ජාලය හරහා ඔවුන්ගේ ශරීර බර, හැඩය හෝ ශාරීරික ලක්ෂණ සම්බන්ධයෙ විහිළුවට හෝ අපහාසයට ලක්වී ඇති බවයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් එම තරුණියන්ගෙන් සියයට 96 කට අධික පිරිසකට ව්‍යායාමයක් හෝ ආහාර පාලන ක්‍රමයක් මගින් තම ශරීර පෙනුම ආකාරයකින් වෙනස් කර ගැනීමේ අවශ්‍යතාව දැනී ඇති බව සඳහන්.
මේ අතර තවත් සියයට 81කට රූපලාවණ්‍ය කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය වූ අතර එම තත්වය දෙමාපියන් සහ ගුරුවරුන් සැලකිලිමත් විය යුතු බවයි සමීක්ෂකයන් ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම Sunshine Coast විශ්ව විද්‍යාලයේ පර්යේෂක ටාලියා ප්‍රින්ස් පැවසුවේ අන්තර්ජාලයේ ඇති සුදුසු සහ නුසුදුසු හැසිරීම් පිළිබඳව ගැහැණු ළමයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් ද පවතින බවයි.