Search

කෙන්යාවේ පාසලක ගින්නකින් සිසුන් 17ක් ජීවිතක්ෂයට

මධ්‍යම කෙන්යාවේ පාසලක ඇතිවූ ගින්නකින් සිසුන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් විශාල පිරිසක් බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටයි වාර්තා වන්නේ.

Nyeri ප්‍රාන්තයේ Hillside Endarasha ප්‍රදේශයේ පිහිටි මෙම ප්‍රථමික පාසලේ ගින්නට හේතුව සම්බන්ධයෙන් විමර්ශන කරමින් පවතින බව පොලිසිය සඳහන් කළා.

කෙන්යාවේ රතු කුරුස සංවිධානය පැවසුවේ පීඩාවට පත්වූ සිසුන්ට, ගුරුවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මානසික සෞඛ්‍ය සේවා ඇතුලු ආධාර ලබාදෙන බවයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »