Search

රංගන හේරත්ට නවසීලන්ත ක්‍රිකට් වෙතින් ලොකු තනතුරක්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි ටෙස්ට් තරග තුනක් සඳහා දඟ පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත්කර තිබෙනවා.

ඒ අනුව ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන එක් තරගයක් සහ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකට ඔහු නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසට කටයුතු කරනු ඇති.

එමෙන්ම නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙක් ලෙසට ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන වික්‍රම් රාතුර් ද පත්කර ඇති බව සඳහන්.

නවසීලන්ත ජාතික කණ්ඩායමේ පුහුණුකරු ගැරී ස්ටෙඩ් පැවසුවේ රංගන හේරත් සහ වික්‍රම් රාතුර් යන දෙදෙනාම ඉහළ ගෞරවයට පාත්‍ර වූවන් වන අතර කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්ත කණ්ඩායමේ ටෙස්ට් තරග දෙක පැවැත්වෙන ගාල්ලේදී රංගන හේරත් ටෙස්ට් කඩුලු 100කට වඩා දවාගෙන ඇති අතර එම ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ඔහුගේ දැනුම මිල කළ නොහැකි වනු ඇති බව ද ගැරී ස්ටෙඩ් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා සංචාරයෙන් පසු නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවට පැමිණ ටෙස්ට් තරග තුනකට සහභාගි වීමට නියමිතයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »