Search

මෙල්බන්වල සොරකම් නතර කරන්න පොලිසියෙන් වෙනස්ම වැඩක්

මෙල්බන් අවට වෙළඳසැල්වලින් ඩොලර් ලක්ෂ 2කට වැඩි භාණ්ඩ සොරකම් කිරීමේ සිදුවීම්වලට අදාළව සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වික්ටෝරියා පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් අතරින් එක් අයෙකු මෙල්බන් CBDහි වෙළඳසැල්වලින් ඩොලර් 100,000කට ආසන්න වටිනාකමින් යුත් සුඛෝපභෝගී ඇඳුම්, අත්බෑග් සහ රූපලාවන්‍ය නිෂ්පාදන සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙල්බන් අවට වෙළඳසැල්වල සිදු වන සොරකම් මැඩපැවැත්වීමේ අරමුණින් පොලිසිය සිදු කළ මෙහෙයුම් මාලාවකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් අය මේ වසරේ පමණක් CBD, රිච්මන්ඩ් (Richmond) සහ කොලින්වුඩ් (Collingwood) වෙළඳසැල්වලින් ඩොලර් 200,000 කට වඩා වටිනා භාණ්ඩ සොරකම් කර ඇති බවයි.

පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් මෙම සොරකම්වලට අදාළව චෝදනා 478 ක් ගොනු කර ඇති අතර සොරකම් කළ ඩොලර් ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සුඛෝපභෝගී සුවඳ විලවුන්, ඇඳුම් සහ සමෙහි ආරක්ෂාවට භාවිතා කෙරෙන විවිධ ක්‍රීම් නිෂ්පාදන ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

සිල්ලර වෙළඳසැල් කාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක් මෙම සොරුන්ගේ බිය ගැන්වීම මෙන්ම ආක්‍රමණශීලී සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හමුවේ කටයුතු කර ඇති අතර ඊට එරෙහිව පියවර ගැනීමට කාලය එළඹ ඇති බව පොලිසිය අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම සොරකම් සිදුවීමේ අවදානම සහිත CBDහි වෙළඳසැල් 23ක් සමඟ දිනපතා සම්බන්ධ වීම සඳහා පොලිසිය මාර්ගගත ක්‍රමවේදයක් ද ආරම්භ කර ඇති බව සඳහන්.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »