Search

ආහාර නාස්තිය අවම කර ගන්න මෙල්බන් තරුණයන් දෙදෙනෙකුගෙන් අලුත් වැඩක්

සුපිරි වෙළඳසැල්වල භාණ්ඩ සහ එළවලු මිල ගණන් ඉහළ යාමත් සමඟ මෙල්බන්හි තරුණයන් දෙදෙනෙකු ආහාර නාස්තිය අවම කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සුපිරි වෙළඳසැල්වල අලෙවි කෙරෙන අලංකාර ප්‍රදර්ශනාගාර තත්වයේ නොමැති එළවලු වර්ග අඩු මුදලකට නිවෙස් වෙත බෙදා හැරීමට ෆාමර්ස් පික් (Farmer’s Pick) නමින් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම නැවුම් එළවලු පිරවූ පෙට්ටියක් ප්‍රධාන සුපිරි වෙළඳසැලකට වඩා සියයට 30ක් දක්වා ලාභදායී බවයි ඒවා මිලදී ගන්නා මෙල්බන් ජනතාව ප්‍රකාශ කර ඇත්තේ.

මෑත කාලීන මිල ගණන් පෙන්නුම් කරන්නේ Farmer’s Pick මගින් ලබාදෙන zucchini කිලෝවක් ඩොලර් 4.14ක් වන අතර එය සුපිරි වෙළඳසල්වල අලෙවි කෙරෙන්නේ කිලෝවක් ඩොලර් 5.90ක මුදලකටයි.

එමෙන්ම සුපිරි වෙළඳසල්වල කිලෝග්‍රෑමයක් ඩොලර් 12ක් වන parsnips Farmer’s Pick වෙතින් ඩොලර් 8.40ක මුදලකට ලබා දෙනවා.

ඔවුන් ලෙමන් කිලෝග්‍රෑමයක් ලබාදෙනු ලබන්නේ ඩොලර් 4.50ක මුදලකටයි.

Farmer’s Pick වෙතින් එළවලු මිලදී ගන්නා කාන්තාවක් සඳහන් කළේ මිල ගණන් ඉතා ලාභදායී වීම පුදුමයක් වන අතර සාමාන්‍ය මිල මෙන් දෙගුණයක් ගෙවනු ලැබුව ද මෙතරම් එළවළු සුපිරි වෙළඳසැල්වලින් නොලැබෙන බවයි.

ඇතැම් එළවලු වර්ග කිලෝ 10ක ඇසුරුමක මිල ඩොලර් 46ක් වන අතර කිලෝග්‍රෑම් 15ක පෙට්ටියක් අලෙවි කෙරෙන්නේ ඩොලර් 63කටයි.

ඔස්ට්‍රේලියාව පුරා නිවාස 24,000කට ආසන්න ප්‍රමාණයක් මෙම සේවාව භාවිතා කරන අතර මෙම සේවාව මගින් ආහාර නාස්තිය අවම කර මුදල් ඉතිරි කර ගැනීමට ද හැකි බවයි සඳහන් වන්නේ.

මෙම ව්‍යාපාරයේ සම නිර්මාතෘ ජොෂ් බෲක්ස් ඩන්කන් පැවසුවේ තම එළවලු අලෙවිය මෙම තත්ත්වයට පත්වනු ඇතැයි කිසි විටෙකත් නොසිතූ අතර මෙම සේවාව මගින් අපතේ යාමට තිබූ ආහාර කිලෝග්‍රෑම් මිලියන 3.5කට වඩා ඉතිරි කර ඇති බවයි.

ගොවීන්ගේ අස්වැන්නෙන් සියයට 30ක් පමණ සුපිරි වෙළඳසල් මගින් ප්‍රතික්ෂේප කරන අතර වියදම් කෙසේ හෝ ආවරණය කර ගැනීමට ඔවුන්ට සිදුවන බවයි Farmer’s Pick නිර්මාතෘවරුන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ සුපරි වෙළඳසැල්වල එළවලු ඇතුලු ආහාර වර්ගවල අලංකාරය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් වසරකට ආහාර කිලෝග්‍රෑම් බිලියන 2කට වැඩි ප්‍රමාණයක් අපතේ යන බව සඳහන්.

ඇතැම් දොඩම් වර්ග වඩාත්ම ප්‍රතික්ෂේප වන නිෂ්පාදනවලින් එකක් වන අතර ප්‍රමාණය හෝ විවිධ පැල්ලම් හේතුවෙන් නිෂ්පාදනවලින් සියයට 50ක් පමණ වෙළඳසැල් භාර නොගන්නා බව හෙළිවී තිබෙනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »