Search

ඔස්ට්‍රේලියාවේ බරපතල ගැටලුවක් විසඳන්න අගමැතිගෙන් ඩොලර් බිලියන 4.7ක්

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට (gendered violence) එරෙහිව පියවර ගැනීම සඳහා අගමැති ඇන්තනි ඇල්බනීස් විසින් ඩොලර් බිලියන 4.7ක අරමුදල් සමග නව පස් අවුරුදු ජාතික සැලැස්මක් එළිදක්වා තිබෙනවා.

අද උදෑසන පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම සැලැස්ම මගින් ක්ෂේත්‍ර හතරක් කෙරෙහි අවධානය යොමු කරන බවයි.

පෙරටුගාමී සේවාවන්ට සහාය වීම, අපරාධකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම වැළැක්වීම, තරුණ වින්දිතයින්ට වැඩි සහයෝගයක් ලබා දීම සහ ප්‍රචණ්ඩත්වයට මත්පැන් සහ සුදූවල ඇති බලපෑම වෙනුවෙන් පියවර ගැනීම එම ක්ෂේත්‍ර 4 වනවා.

අරමුදල්වලින් ඩොලර් බිලියන 3.9ක් ෆෙඩරල් රජයේ මුදල් වන අතර ඉතිරිය ප්‍රාන්ත සහ ප්‍රදේශවලින් ලබාදීමට නියමිතයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ගන්නා පියවරවලට අදාළව වැටුප් වැඩි කිරීම ඇතුළු නීති ආධාර සේවා සඳහා ඩොලර් මිලියන 800ක් පමණ යෙදවෙනු ඇති.

පස් අවුරුදු අරමුදල් සැලැස්ම ලබන 2025 වසරේ ජූලි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ජාතික අර්බුදය විසඳීම සඳහා ජාතික වශයෙන් සම්බන්ධීකරණ වැඩපිළිවෙලක අවශ්‍යතාව පවතින බවයි අගමැතිවරයා අද ප්‍රකාශ කළේ.

කාන්තාවන්ගේ සුරක්ෂිත භාවය සහතික කිරීමට ක්‍රියා කළ යුතු අතර බිහිසුණු මරණ සහ කිසිසේත් පිළිගත නොහැකි ප්‍රචණ්ඩත්වය වැළැක්විය යුතු බව ද ඔහු අවධාරණය කළා.

ෆෙඩරල් රජය සූදු සම්බන්ධ වෙළඳ දැන්වීම් තහනම් කිරීමට පියවර ගනිමින් සිටින අතර ප්‍රාන්ත සහ ප්‍රදේශ මත්පැන් නීති සමාලෝචනය කිරීමට ද එකඟ වී ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ.

සංක්‍රමණිකයන් නිසා වෙනස් වූ ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගැන අලුත් වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහන වර්ධනය වාර්තා වන ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව බවට නව සංඛ්‍යාලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »