සිඩ්නි නගරය සහ අවට කලාපයේ අද දිනයේ උෂ්ණත්වය ඉහළ යාමට නියමිත වීම හේතුවෙන් ලැව් ගිනි පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
සිඩ්නි අවට සියලු ප්‍රදේශ මෙන්ම ඉලවොරා (Illawarra) කලාපයට ද ලැව් ගිනි සම්බන්ධ අනතුරු ඇඟවීම බලාත්මක අතර එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් පමණ දක්වා ඉහළ යාමට නියමිතයි.
මේ හේතුවෙන් ප්‍රදේශ දෙකටම ඉහළ ලැව් ගිනි අවදානමක් කිරීමක් නිකුත් කර ඇති අතර සවස 4 පමණ වන විට පවා උෂ්ණත්වය අංශක 29ක පමණ අගයක පවතිනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
Penrith, Hornsby, Campbelltown, සහ CBD ඇතුළුව සිඩ්නි අවට කලාපයේ උෂ්ණත්වය දැඩිව දැනෙන අතර තද සුළං ද පවතින බවින් ලැව් ගිනි අවදානම වැඩි කරන බව සඳහන්.
මේ හේතුවෙන් ග්‍රාමීය ගිනි නිවන සේවය මගින් ප්‍රදේශයේ සෑම දෙනෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ ගින්නක් ඇති වුව හොත් ආරක්‍ෂිත පියවර ගැනීමට සූදානම් වන ලෙසටයි.
සිඩ්නි අවට උෂ්ණත්වය හෙට (07) නැවතත් පහළ වැටීමට නියමිත අතර අංශක 24ක පමණ උෂ්ණත්වයක් මෙන්ම සති අන්තයේ වැසි තත්වයක් ද අපේක්ෂා කෙරෙනවා.