Search

මෙල්බන් සහ සිඩ්නි සංක්‍රමණිකයන්ගේ ජනප්‍රිය නගර අතරට

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් වැඩි දෙනෙකු පදිංචිය සඳහා මෙල්බන් සහ සිඩ්නි යන ප්‍රධාන නගර තෝරාගන්නා බව නවතම දත්ත අනුව අනාවරණය වී තිබෙනවා.

Institute of Public Affairs විසින් නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන්නේ 2021 සහ 2023 අතර ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින්ගෙන් සියයට 29ක් පමණ සිඩ්නි වෙත පැමිණ ඇති බවයි.

එම අගය සංඛ්‍යාත්මකව 214,000ක් පමණ වන බව සඳහන්.

නවක සංක්‍රමණිකයින් සඳහා වඩාත් ජනප්‍රිය දෙවන නගරය මෙල්බන් ලෙස එහි වැඩිදුරටත් දැක්වෙනවා.

මෙල්බන් නගරයට සියයට 28ක් හෝ 206,000ක නව සංක්‍රමණිකයින් පිරිසක් පැමිණීම ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු ජනගහන පර්යේෂණ ආයතනය (The Australian Population Research Institute) සඳහන් කර ඇත්තේ මෙම දත්ත ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති සිසුන් මත පදනම් වන බවයි.

කෙසේ වෙතත් මෙම සංක්‍රමණික දත්‍ත කුලි නිවාස වෙලඳපල සඳහා ද බලපෑම් කරන බව එම වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.

මෙරටට පැමිණෙන සෑම නව සංක්‍රමණිකයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම නාගරික ප්‍රදේශයක පදිංචි ඇති බව Institute of Public Affairs වාර්තා පෙන්වා දෙනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »