චීන එන්නත පළමුව ලංකාවේ චීන ජාතිකයින්ට – AusLanka TV – Australian News for the Sri Lankan community

චීන එන්නත පළමුව ලංකාවේ චීන ජාතිකයින්ට

චීන එන්නත පළමුව ලංකාවේ චීන ජාතිකයින්ට

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත පළමුවෙන් ලංකාවේ සිටින චීන ජාතිකයින්ට ලබාදීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

එමෙන්ම මෙම එන්නත ගැන බිය වීමට කරුණක් නොමැති බවත් බොහෝ එන්නත් WHO අර හදිසි භාවිතය සඳහා තොරාගත් ඒවාට අවසර ලබා දී ඇති බවද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

චීන රටේ සිනෝෆාම් එන්නත එහි රට වැසියන්ට පාවිච්චි කරන නිසා මෙහි වාසය කරන චීන ජනතාවටත් එම එන්නත ලබාදීමට හැකියාව ඇති බවද පැවසුවාය.

සිනෝෆාම් එන්නත මෙරට භාවිතය සදහා ඊයේ (20) දිනයේ දි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි විය.

COMMENTS