කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ලබා ගැනීමේ ක්‍රමවේද මගින් නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
අඩු කාබෝහයිඩ්‍රේට් සහ අධික මේද සහිත ආහාර වර්ග හේතුවෙන් 2 වන මට්ටමේ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බවයි නව අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ.
වයස අවුරුදු 17ට වැඩි මෙල්බන් පදිංචිකරුවන් 40,000ක් සම්බන්ධ කර ගනිමින් මොනෑෂ් සහ RMIT විශ්වවිද්‍යාල විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයකින් යුත් ආහාර ගැනීමෙන් පුද්ගලයෙකුට 2 වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම සියයට 20 කින් වැඩි කරන බවයි.
අධ්‍යයනයෙන් හෙළි වූයේ බර අඩු කර ගැනීම වැනි දේ සඳහා විවිධ ආහාර රටා අනුගමනය කරන පුද්ගලයින් බොහෝ විට කාබෝහයිඩ්‍රේට මෙන්ම සෞඛ්‍යයට අහිතකර මේද ආහාර වර්ග භාවිතා කරන අතර එය බර වැඩිවීමට සහ තරබාරුකමට හේතු වන බවයි.
එමෙන්ම එමගින් දෙවන මට්ටමේ දියවැඩියාව වර්ධනය වීමේ අවදානම වැඩි කරන බවයි සඳහන් වන්නේ.
මෙරට මිලියන 1.3 ක පමණ ජනතාවක් හෝ සාම ඔස්ට්‍රේලියානුවන් 20 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන බව හෙළිවී තිබෙනවා.
කෙසේ වෙතත් බොහෝ පිරිසකගේ රෝග හඳුනා නොගැනීම හේතුවෙන් සැබෑ සංඛ්‍යාව වැඩි අගයක් ගනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ඔස්ට්‍රේලියාව තුළ නිදන්ගත රෝග සඳහා කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර වේල්වල දිගුකාලීන බලපෑම් සමබන්ධයෙන් ඔස්ට්‍රේලියානු දත්ත භාවිතා කරමින් සොයා බැලූ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.
ඒ අනුව මෙම අධ්‍යයනයෙන් හෙළි වන්නේ කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ගැනීම මගින් තරබාරුකම සහ දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරන බවයි.