අගෝස්තු මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා හර්ෂිතා සමරවික්‍රම සහ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබෙනවා.
හර්ෂිතා සමරවික්‍රම මෙලෙස සම්මානයට නිර්දේශ වී ඇත්තේ අයර්ලන්තයට එරෙහි තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
ඇය අයර්ලන්තය සමඟ පැවැති T20 තරගාවලියේ දී නොදැවී ලකුණු 86ක් සහ ලකුණු 65ක් රැස්කරගත්තේ, තරගාවලියේ වැඩිම ලකුණුලභියා ද වෙමින්.
එමෙන් ම එක්දින තරගාවලියේදී ද හර්ෂිතා සමරවික්‍රම වැඩිම ලකුණුලාභියා බවට පත්වුනේ ඇය යි.
අගෝස්තු මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩාවන් දෙදෙනා වන ඔර්ලා ප්‍රෙන්ටගස් සහ ගැබී ලෙවිස් අයර්ලන්ත ක්‍රීඩිකාවන් වීම ද විශේෂත්වයක්.
මේ අතර අගෝස්තු මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී ඇත්තේ ඉන්දීය සංචාරයේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
අදාළ සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස් යන දෙදෙනා යි.