Search

පෙම්වතා නිසා ඔලිම්පික් ක්‍රීඩිකාව ජීවිතයට සමුදෙයි

පෙම්වතා විසින් ගිනි තැබීම හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි උගන්ඩාවේ ඔලිම්පික් මැරතන් ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගේයි (Rebecca Cheptegei) මිය ගිය බව රෝහල් බලධාරීන් පවසනවා.

කෙන්යානු මාධ්‍ය වාර්තා කළේ පසුගිය ඉරිදා පෙම්වතා විසින් සිදු කළ මෙම ගිනි තැබීමෙන් 33 හැවිරිදි රෙබෙකා චෙප්ටෙගේයි ගේ (Rebecca Cheptegei) සිරුරෙන් සියයට 80කට වඩා පිළිස්සී තිබූ බවයි.

උගන්ඩාව තුළ ක්‍රීඩිකාවන්ට මෙවැනි අසාධාරණකම් සිදුවන අතර මෙම ක්‍රීඩිකාව 2021 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු රට තුළ මියගිය තුන්වන ක්‍රීඩිකාව බව සඳහන්.

උගන්ඩා ඔලිම්පික් ක්‍රීඩිකාව මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී ඇත්තේ ඉඩම් ආරවුලක් හේතුවෙන් බව ද පැවසෙනවා.

රෝහල් බලධාරීන් සඳහන් කර ඇත්තේ දිගු දුර ධාවන ක්‍රීඩිකාවට සිදුවී තිබූ බරපතල පිළිස්සුම් තුවාල හේතුවෙන් ඇයගේ සිරුරේ සියලුම අවයව ක්‍රියා විරහිත වීමෙන් අද අලුයම මිය ගිය බවයි.

ඇය මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මැරතන් තරගයට ඉදිරිපත් වූ අතර එහිදී හිමිව තිබූණේ 44 වන ස්ථානයයි.

මෙම ක්‍රීඩිකාවගේ පෙම්වතා ද අදාළ සිදුවීමේදී පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

Cheptegei ගේ දෙමාපියන් පැවසුවේ තම දියණිය ප්‍රාන්තයේ මලල ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආසන්නයෙන් ඉඩමක් මිලදී ගෙන තිබූ අතර මෙම ගිනි තැබීම සිදුවීමට පෙර නිවස ඉදිකරන ලද ඉඩම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර මතබේදයක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් උගන්ඩා පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරනවා.

සංක්‍රමණිකයන් නිසා වෙනස් වූ ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගැන අලුත් වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහන වර්ධනය වාර්තා වන ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව බවට නව සංඛ්‍යාලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »