Search

ඔස්ට්‍රේලියාවේ මුල්‍ය සමාගම් මහජන මුදලින් අසීමිත ලාභ ලබන බවට චෝදනාවක්

ඔස්ට්‍රේලියාවේ බැංකු සහ රක්ෂණ සමාගම් පොලී අනුපාත ඉහළ නංවමින් ඔස්ට්‍රේලියානුවන්ගෙන් ලාභ උපයමින් සිටින බවට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය (ACTU) චෝදනා කරනවා.

ලේකම් Sally McManus පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව මූල්‍ය කර්මාන්තය 2021 වසරේ මාර්තු මාසයේ සිට සියයට 46ක ලාභ වැඩිවීමක් වාර්තා කර ඇති බවයි.

බැංකු සහ රක්‍ෂණ සමාගම් පොලි අනුපාත වැඩි කර ඇත්තේ අවශ්‍ය නිසා නොව ලාභය තර කර ගැනීමට බවයි චෝදනා එල්ල වන්නේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ උද්ධමන අගයන් වැඩි කිරීමට ද බැංකු සහ මූල්‍ය සමාගම් ප්‍රබල දායකත්වයක් සපයන බවට ඇය චෝදනා කරනවා.

2021 වසරේ මාර්තු මාසයේ සිට බැංකු විසින් පොලී ඉහළ නැංවීමෙන් ඩොලර් බිලියන 212ක් උපයා ඇති අතර රක්ෂණ සමාගම් ද තම වාරික සියයට 36 කින් වැඩි කර ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසමේ (ACCC) හිටපු සභාපති මහාචාර්ය ඇලන් ෆෙල්ස් විසින් රට පුරා ගාස්තු ඉහළ යාම සහ අසාධාරණ මිල ගණන් පිළිබඳ ඔහුගේ වාර්තාව ප්‍රකාශයට පත් කර තිබුණා.

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර විසින් භාවිතා කරන සංකීර්ණ මිල ව්‍යුහයන් සහ පාරිභෝගිකයින්ට වටහා ගත නොහැකි ව්‍යාකූල මිලකරණය සම්බන්ධයෙන් එම වාර්තාවෙන් ඉස්මතු කර ඇති බව සඳහන්.

සාලි මැක්මනුස් පැවසුවේ වැඩකරන ජනතාවගෙන් මුදල් උපයන ව්‍යාපාර සඳහා වෘත්තීය සමිති විසින් ඉඩක් ලබා නොදෙන බවයි.

බැංකු සහ රක්‍ෂණ සමාගම් වැනි දැවැන්ත ව්‍යාපාර විසින් රටේ උද්ධමනය නියමිත ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක තබා ගනිමින් සිටින අතර මේ සඳහා ඔවුන් වගකිව යුතු බවද ඇය අවධාරණය කළා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »