ශ්‍රී ලංකාවේ 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵල විකාශය සජීවීව ඔබ වෙත ගෙන ඒමට AusLanka TV මාධ්‍ය ආයතනය කටයුතු සැලසුම් කර තිබෙනවා.
AusLanka TV සහ AusLanka රේඩියෝ නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාවේ උණුසුම් වන ඡන්ද ප්‍රතිඵල ඔබ වෙත ලබාදීමට මේවන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.
නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් AusLanka TV facebook, AusLanka TV YouTube, AusLanka Live app එක මගින් මෙන්ම AusLanka TV වෙබ් අඩවිය ඔස්සේ ද නිල ප්‍රතිඵල ලද සැණින් ඔබට ලබාදීමට අප සූදානම්.
විදෙස් රටක සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙවැනි මැතිවරණ විකාශයක් සිදු කෙරෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලය මගින් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කළ සැනින් එම තොරතුරු ඔබ වෙතට ලබාදීමට AusLanka TV මාධ්‍ය ජාලය කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ලබන 21 වනදා පැවැත්වෙන අතර එය අවසන් වූ අවස්ථාවේ සිට ඡන්ද ගණනය ආරම්භයේ සිට අවසානය දක්වාම සියලු තොරතුරු සජීවීව ඔබ වෙත ලබාදීමට අප සූදානම්.
මෙම මැතිවරණ ප්‍රතිඵල විශේෂ විකාශය සඳහා Sapling Lawyers, Tingo Education, Sanji Caldera Associates, Arrow Fin,
Ambula White House, Makray Homes, A&J Car Rental, NC Print, Isha care and beauty, Mortgage Premiers සහ Kopi Kade යන ආයතන අප සමග අනුග්‍රාහක දායකත්වයෙන් එක් වනවා.
මෙවර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාම යෝජනා භාර දුන් අතර එක් අපේක්ෂකයෙකු අභාවප්‍රාප්ත වීම හේතුවෙන් තරග කරනු ලබන්නේ අපේක්ෂකයන් 38 දෙනෙකු පමණයි.
ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරග කරනු ලබන්නේ මෙවර ජනාධිපතිවරණය සඳහා වන අතර 2019 වසර පැවැති ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටියා.
ලියාපදිංචි පක්ෂවලින් අපේක්ෂකයන් 22ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 16 දෙනෙකු ,මෙවර තරග කරනු ලබනවා .
එමෙන්ම ජනාධිපතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද හිමියන් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහසකට වැඩි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.